Colombo Today Local News

මහා සංඝරත්නය,දෙමළ සහ මුස්‌ලිම් ආගමික නායකයන් ඥානසාර හිමි නිදහස්‌ කරනවාට විරුද්ධ නෑ – දුමින්ද දිසානායක

සිරගතව සිටින බොදු බලසේනා සංවිධානයේ මහා ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක්‌ ලබාදීමට තමන්ගේ විරුද්ධත්වයක්‌ නොමැති බව සියලුම ආගමික නායකයන්ගේ මතය වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

එහෙයින් උන්වහන්සේට ජනාධිපති සමාවක්‌ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක්‌ කළ බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

” මම ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කළේ සිංහල බෞද්ධයෙකු ලෙසයි. මම මේ පිළිබඳව මහා සංඝරත්නය සමගත් දෙමළ සහ මුස්‌ලිම් ආගමික නායකයන් සමගත් සාකච්ඡා කළා. එහිදී සියලුම ආගමික නායකයන්ගේ මතය වූයේ ඥානසාර හිමියන් නිදහස්‌ කරනවාට තමන්ගේ විරුද්ධත්වයක්‌ නොමැති බවයි යෑයිද හෙතෙම පැවසීය.

”මම ඥානසාර හිමියන්ව බන්ධනාගාරයට ගොස්‌ හමුවුණා. එහිදී නායක හාමුදුරුවන් පැහැදිලිව මට ප්‍රකාශ කළා. දෙමළ හෝ මුස්‌ලිම් ජනතාව සමග කිසිම තරහක්‌ හෝ වෛරයක්‌ තමන්ට නොමැති බවත් භික්‌ෂූන් වහන්සේ නමක්‌ ලෙස බෞද්ධ ජනතාවට බලපාන පොදු ගැටලුවලදී සාකච්ඡාවෙන් හා පොදු එකඟත්වයෙන් විසඳුම් ලබා ගැනීමට තමන් සූදානමින් සිටින බවත් උන්වහන්සේ අවධාරණය කළ බවද මන්ත්‍රීවරයා පැවසීය”

Related posts

කොරෝනා මුස්ලිම් මරණ ආදාහනය කිරීම නැවත සලකා බලමින් ඉන්නවා. | අධිකරණ ඇමැති අලි සබ්‍රි කියයි

colombotoday

ජනපති බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා හමු වෙයි

Admin

හෝ ගානා පොකුණ චිත්‍රපටය, බෞද්ධ සූත්‍ර දේශනයක් විකෘති කරලා… බොදු බලෙන් පැමිණිල්ලක්

colombotoday

අපි ගැන ඇහැක් ඇර බලන්නෑ.. සාලාවේ වැසියෝ අදත් පාරට බහී.. පාර වසා විරෝධය පායි

colombotoday

වැඩිහිටියන්ට, අබාධිතයන්ට සලකන්න රජයෙන් මුදල් නෑ… දීමනාවෙන් රු100ක් කපා අරමුදලක් හදනවා

colombotoday

කෝප් කමිටුවට සභාපති රංජිත් බණ්ඩාර ගේ පුත්‍රයා පැමිණීම ගැන පරීක්ෂණයක්

Admin