Colombo Today Local News

මහනුවර යළි සෙලවෙයි

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ අද (02)දින පෙරවරු 07.06 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බවය.

කෙසේවෙතත් එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා පවසයි.

පසුගිය 29 වනදා රාත්‍රීයේ මහනුවර, අනුරගම ප්‍රදේශයෙන් ද පොළොව සෙලවීමේ සිදුවීමක් වාර්තා වූ අතර ඊට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Related posts

පළාත්සභා මැතිවරණයට දින තීන්දු වෙයි

colombotoday

රජය වෙනුවෙන් ගයන්ත මහා නාහිමියන්ගෙන් සමාව ගනී !

colombotoday

ජනපතිට , අගමැතිට , ඇමති මණ්ඩලයටම අධිකරණයෙන් නොතීසි

colombotoday

ප්‍රභාකරන් මරා දැමූ 53වැනි සේනාංකය නාරම්මල රිලව් එලවන්න යොදවලා – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

colombotoday

අයි.එම්.එෆ් ණය මේ වසරේදී ලැබෙන්නෙ නැහැ

Admin

මහපොළ සංශෝධන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

colombotoday