Colombo Today Local News

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිපලය විශ්වාස නැහැ අපි අධිකරණයේ පිහිට පතනවා..- අමිත් වීරසිංහ කියයි

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රතිපලයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තමන් බලාපොරොත්තුවන බව ජල කරාමය ලකුණින් ස්වාධින කණ්ඩායම් අංක 01 න් තරග කළ අමිත් වීරසිංහ ප්‍රකාශ කර සිටියි.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ප්‍රකාශ කළේ ජන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානවලදී තමන්ට දැඩි අසාධාරණයක් වූ බවයි.

සිය කණ්ඩායමට ලද ජන්ද සංඛ්‍යාවට වඩා වැඩි ජන්ද සංඛ්‍යාවක් ප්‍රතික්ෂේපිත ජන්ද බවට ගණන් කිරිමේ නිලධාරින් නම් කර තිබු බවත් එම ජන්ද පත්‍රිකාවල සිය ස්වාධින කණ්ඩායමට මෙන්ම පොදුජන පෙරමුණ ඉදිරියේ ජන්දය ලකුණු කොට තිබු අයුරු සිය නියෝජිතයින් දැක තිබෙන බව අමිත් වීරසිංහ ප්‍රකාශ කර සිටියා.

අවම වශයෙන් මන්ත්‍රිධුර දෙකක් හෝ සිය කණ්ඩායමට හිමිවිය යුතුව තිබුනත් අවසානයේදී එකදු මන්ත්‍රීධුරයක් හෝ නොමැතිව මහනුවර දිස්ත්‍රික්කයේ තුන්වන බලවේගය බවට සිය ස්වාධින කණ්ඩායම පත්වූ බව ඔහු මෙහිදී සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් දැනුවත් කළද ඔවුන් එයට ලබාදුන් පිළිතුර සෑහීමට පත්නොවන බැවින් අධිකරණයේ සහය පැතීමට තීරණය කළ බව අමිත් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඇප නෑ.. මහින්දානන්ද නැවතත් රිමාන්ඩ්

colombotoday

ජනපතිට එරෙහි මඩ ලිපි යැවීමට උත්සහගත් කිරිඇල්ලගේ ගෝලයින්ට ඇප

colombotoday

විදුලි බිලේ කොටසක් රජය දැරීමට තීරණය කරයි

colombotoday

(Video) සිරස රනිල්, මහෙන්ද්‍රන් දෙමිතුරන්ගේ සළුපිළි ලිහා පෙන්වයි

colombotoday

31 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවතට

colombotoday

අදත් ඩොලරයේ වෙනසක්

Admin