Colombo Today Local News

මහනුවර තදබදය අඩු කරන අලුත් සැලසුමට කිරිඇල්ලගේ ගෝලයෝ අකුළු හෙළති…. පාර වසා කෘතිම තදබදයක් ඇතිකර සැලසුම කඩාකප්පල් කරන්න හදයි…

මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් නව රථවාහන සැලසුමක් අද සිට ක්‍රියාත්මක කර ඇත.

එම රථවාහන සැලසුමෙන් නගරයේ වෙළදසැල්වල වෙළදාමට බාධා වන බව පවසමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ හිටපු මහඇමතිවරයාගේ අධාරකරුවන් පිරිසක් මහාමාර්ගය අවහිර කරමින් විරෝධය දක්වා ඇති අතර ඒ හේතුවෙන් මහනුවර නගරයේ දැඩි රථවාහන තදබදයක්ද ඇතිවිය.

කෙසේ වෙතත් එම පිරිස මේ වන විට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර නව රථවාහන සැලසුම් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දෙස් විදෙස් සංචාරකයන්, ඇතුළු විශාල පිරිසක් දිනපතා පරිහරණය කරන ජනාකීර්ණ නගරයක් වන මහනුවර නගරයේ නිසා සැලසුමක් නොමැතිකම හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පවතින්නේ අධික රථවාහන තදබදයකි.

මේ සදහා නිසි පිළියමක් යෙදීම ප්‍රදේශය නියෝජනය කරන කිසිදු දේශපාලනඥයෙකු උත්සුක වූයේ නොමැති තත්ත්වයක් යටතේ නව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ මැදිහත් වීම මත මහනුවර නගරයේ ගැටළු රැසකට පිළියම් යෙදීමට මේ වන විට කටයුතු කෙරෙමින් පවතී.

එබැවින් පළාත නියෝජනය කරන වගකිවයුුතු දේශපාලකයන් ‘බල්ල පිදුරු කන්නෙත් නෑ, කන ගොණාට දෙන්නෙත් නෑ‘ ලෙස කටයුතු නොකර, ජනතාවට යහපතක් වන කටයුතුවලට අකුල් හෙළිමෙන් වැළකිය යුුතු බවට මහනුවර නාගරිකවාසීන් අවධාරණය කර සිටී.

Related posts

සියළුදෙනා ගෝඨාභයට බය විය යුතුයි… මාත් ඔහුට පුදුම තරම් බයයි – මංගල

colombotoday

නාකොටික් නිලධාරීන් 31 තෙක් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

ප්‍රාදේශීය ලේකම්වරයකු හා සැලසුම් අධ්‍යක්ෂවරයකු අල්ලසක් ගැනීමේදී මාට්ටු

colombotoday

වහබ්වාදය පිළිනොගන්නා බව පැවසීමට උලමා අපොහොසත් වෙලා. – බොදු බලෙන් ලිපියක්

colombotoday

ඥානසාර හිමි අලි ප්‍රශ්නයක

colombotoday

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක ණය ආධාරයක්

Admin