Colombo Today Local News

මල්වතු මහා විහාර පාර්ශවයෙන් කතානායක කරුට ගෞරව සම්මානයක්…

කතානායක කරූ ජයසූරිය මහතා වෙත  විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීමට  මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක හිමියන් ඇතුළු කාරක මහා සංඝ සභාව තීරණය කර තිබේ. එම ගෞරව සම්මානය  මල්වතු මහා විහාරස්ථ උපෝසථාගාරයේ දී ලබන  අඟහරුවාදා (19) පිරිනැමේ.


මෙයට පෙරද  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙන් “විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාමයද, සාරාරථ දර්ශි ජනතා නායක ගෞරව නාමයද කරූ ජයසූරිය මහතා වෙත ප්‍රදානය කර තිබිණ.


ජපන් අධිරාජ්‍යා වෙතින් ප්‍රදානය කෙරෙන ජපානයේ ප්‍රධානතම ගෞරව නාමය වන“උදාවන සූර්යා සම්මානය” පසුගිය වසරේදි කරූ ජයසූරිය මහතා වෙත පිරිනැමිනි.


2017 වසරේදි ඉන්දියාව විසින් “ විශ්ව සාම” සම්මානය කරූ ජයසූරිය මහතා වෙත පිරිනැමුනු අතර ඉන්දියාවේ අබ්දුල් කලාම් විද්‍යායතනයෙන් පිරිනමන“ආසියාවේ අභිමානය” සම්මානය ද කරූ ජයසූරිය මහතා වෙත පිරිනමනු ලැබ ඇත.

Related posts

අගමැති ඉල්ලා අස්වෙයි

Admin

ශ‍්‍රී ලංකිකයන් 06ක් ඉතාලියේ බලය ඉල්ලයි

colombotoday

අගමැති රනිල්ගේ නමින් ඉන්දියාවේ ටොයිලට් ව්‍යාපෘතියක්!

colombotoday

වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීමට දේශීයව නිෂ්පාදිත විශේෂ රථ 3ක්

Admin

කාන්තාවන්ගේ දැවෙන ගැටළුවකට යහපාලනයෙන් පිළිතුරු !

colombotoday

සහල් හොරෙක් හෙරොයිනුත් එක්ක මාට්ටු

colombotoday