Colombo Today Local NewsTop Stories

අමල් පෙරේරා සහ DIG නාලක ද සිල්වා අතර දැඩි සබඳතාවක් තිබිලා. CID ය අධිකරණයට දන්වයි

පාතාල නායකයකු ලෙස සැලකෙන  මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක  අමල් පෙරේරා යන දෙදෙනා සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වුයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට  ජාත්‍යන්තර පොලීසිය ඔස්සේ  කටයුතු කරන බව  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  රංග  දිසානායක මහතා ඉදිරියේ කරුණු  දක්වමින් සඳහන් කළේය.


මේ වන වන විට මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා  ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින අතර  ඔවුන් සමඟ පසුගිය කාලයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සබඳතා පවත්වා ඇති බවට ලැබෙමින් පවතින තොරතුරුවලට අදාලව  ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය කටයුතු  ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී පැවසීය.

ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා  සමඟ 2016 වසරේදී  දැඩි  සබඳතාවක් තිබී ඇතැයි ද කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී කරුණු දැක්වීය.
 
ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා  ඝාතන කුමන්ත්‍රණ සැලසුමට අදාල නඩුව අද (13)  කැඳවු අවස්ථාවේදී  මෙම කරුණු අධිකරණයට වාර්තා කළේය.

Related posts

සමෘද්ධී බැංකුව, මහබැංකුව යටතට පැවරීම නීති විරෝධීයි… අගමැතිට බලයක් නෑ…

colombotoday

අලුත් මැතිවරණ ක්‍රමය ජාතික අපරාධයක්.. එය අපේ ආණ්ඩුවෙන් ජාතියට කල බලවත් වරදක් – ඇමති වජිර අබේවර්ධන

colombotoday

වන ජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

Admin

මත්පැන් සාදයකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කරයි

Admin

බම්බලපිටියේ සූදු පොළක් වටලයි – චීන ජාතිකයින් 5ක් අත්අඩංගුවට

colombotoday

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin