Colombo Today Local News

මරාගෙන මැරෙන්න 11 දෙනෙක්‌ සූදානම් කරලා ඉඳලා

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සන්නද්ධ ඒකකය භාරව ක්‍රියා කළ අහමද් මිලාන් නමැත්තා ප්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් එකොළොස්‌ දෙනෙකු සූදානම් කර තිබූ බව ත්‍රස්‌ත මර්දන නිලධාරීන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙම සැලසුම සඳහා කල්මුණේ සියාම් සහ මොහමඩ් නිසාන් නමැත්තන් ද සහය වී ඇති අතර ඔවුන් නැගෙනහිර ප්‍රදේශයේ නිවාස පහක්‌ කුලියට ලබාගෙන තිබේ.

මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ මීගමුවේ නිවසක සිට ලොරියකින් සමන්තුරේ වෙත පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට එම ලොරියේ රියෑදුරු ප්‍රසන්න ඒ ගැන හෙළි කර ඇති බවය.

මෙම රියෑදුරු පවසා ඇත්තේ රන්බඩු ශුද්ධ පවිත්‍ර කිරීමේ රසායනික ද්‍රව්‍ය බැරල් වගයක්‌ යයි දක්‌වමින් බැරල් තොගයක්‌ තම ලොරියට පැටවූ බවයි.

මීගමුවේ සිට සමන්තුරෙයි වෙත එම ලොරියෙන් පුපුරන ද්‍රව්‍ය යෑවූ සියලු තව්හිද් ජමාත් ත්‍රස්‌ත ක්‍රියාකාරීන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

Divaina

Related posts

බණ්ඩාරගම මුස්ලිම් කාන්තාවකට ෂරියා නීතිය යටතේ දඬුවම් කළ පුද්ගලයන් 6 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

ජනපති පැමිණි රැස්වීමකට ආ සැකකටයුතු අයෙක් අල්ලයි…

colombotoday

කහ ඇඳුම් නෙමේ සුදු ඇඳුම් ලෑස්ති කරගන්න කියූ වෛද්‍යවරයා

colombotoday

අර්චුනා යලි පිස්සුවක් නටයි

Admin

දඹුල්ල පූජා නගරයට වෙන් කළ ඉඩම් කැබලි කර විකුණයි…

colombotoday

සති අන්තයේ බස්නාහිරින් පිටතට යෑම සීමා කරන්න..!

colombotoday