Colombo Today Local News

මම තවම ගැහුවෙ එක තුරුම්පුවයි.. ඉතිරි ටික 14 වෙනිදා බලාගමු…

තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත.

තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර නොකරන බව බවසා ඇති ජනාධිපතිවරයා ඒවා ආපස්සට ගන්නේ නැති බවද සඳහන් කර තිබේ.

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩ පිළිවෙළට සහයදෙන ලෙස එක්සත් ජතික පක්ෂයෙන් ඉල්ලීමක් කරන බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා එසේ නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් එකඟව කළහැකි තුරුම්පු ළඟ තිබෙන බවද පවසා ඇත.

Related posts

කොවිඩ් එන්නත ලබා ගන්න මත්‍රීවරුන්ට ලබන සතියේ තවත් දින 3ක්

colombotoday

සෞඛ්‍ය ඇමතිනිය සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday

එජාපය එක්ක කන පරිප්පුව හොදටම ඇති.. ඡන්දෙන් පසු මහින්දත් එක්ක එක්වෙන්න වෙනවා

colombotoday

උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් එළියට… විභාග දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

Admin

සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය

Admin

ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස ව්‍යාපෘතියේ වැඩ නැවතුණු ගෙවල් හදන්න මිලියන 751ක්

Admin