Colombo Today Local News

මන්ත්‍රී පියල් නිශාන්ත මාධ්‍ය හමුවේ බොරු කියයි…

ආරක්ෂක අංශ සහ ඉස්ලාම් අන්තවාදීන් අතර ඊයේ රාත්‍රියේ කල්මුණේදී සිදුවූ වෙඩි හුවාමරුව අතරතුර ආරක්ෂක අංශ සාමාජිකයන් 11ක් මියගොස් ඇති බවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා රූපවාහිනී මාධ්‍යකදී ප්‍රකාශ කිරීම සම්බන්දයෙන් සමාජ ජාලා ඔස්සේ මේවන විට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

අදාල ගැටුමේදී ආරක්ෂක අංශ වලට හානියක් සිදුව නැති බවට පොලිස් මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනතාව තිගැස්මට ලක්ව සිටින මෙවන් අවස්ථාවක දේශපාලකයන් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දැකිය යුතු බවද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් බොහෝ පිරිස් ප්‍රකාශ කර ඇත.

Related posts

සිංහ කොඩිය එවරස්ට් කඳු මුදුනේ.. ලාංකික කත වාර්තා පොතට එක්වෙයි

colombotoday

බිරිඳට කඩුවකින් කෙටු එස් ටී එෆ් කොස්තාපල්ට වැඩ තහනම්

Admin

ඥනසාර හිමිට ඇප… වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday

ජනපති – සන්ධාන මන්ත්‍රී හමුවේ තීන්දු මෙන්න

colombotoday

අද දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න…

colombotoday

දුමින්දට ජනාධිපති සමාව දීමට එරෙහි නඩුවේ හිටපු ජනපති ගෝඨා වගඋත්තරකරුවකු කරයි

Admin