ඩුබායි අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට සඳහා විදේශ ඇමති තිලක් මාරපන මහතා ඇතුළු කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සෙයිඩ් මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යවන ලද ලිපියක් තිලක් මාරපන මහතා විසින් එරට විදේශ කටයුතු ඇමතිවරයා වෙත භාර දුන් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.