Colombo Today Local News

මධුෂ්ගේ මරණයට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් පැමිණිල්ලක්

වෙඩිවැදී මියගිය “සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත” හෙවත් මාකඳුරේ මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන අතර එහි ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා කියා සිටියේ මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ද ගැනීමට බලාපොරොත්තුවන බවය.

ඉදිරියේදී මෙම සිද්ධිය පිළිබඳව ඡාත්‍යන්තර සංවිධාන පවා දැනුවත් කිරීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ, පොලිස් අත්අඩංගුවේ සිටි මාකඳුරේ මධුෂ් ගේ මරණයට පොලීසිය සම්බන්ධ නොමැතිනම් ඊට සම්බන්ධ පාතාල කල්ලිවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවය.

පොලිස් අත්අඩංගුවේ සිටින සිරකරුවන්ට නිසි ආරක්ෂාවක් නොදීම සම්බන්ධව පොලිස් නිලධාරීන්ටද නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව ඔහු පැවසීය.

එහිදී “මේ වෙනකොට ඒ පොලිස් නිලධාරීන් අඩුම තරමින් වැඩ තහනමකට හරි ලක්වෙන්න ඕනේ. නමුත් ඒ කිසිම දෙයක් වෙලා නෑ. මධුෂ්ලා කියන අය උපතින්ම වැරදිකාරයෝ නෙමෙයි. මේ සමාජ ක්‍රමයත් එක්ක තමයි ඒ අය වැරදිකාරයෝ බවට පත් වෙන්නෙ. වෙඩි උණ්ඩයෙන් මේවට පිළිතුරු දෙනවා වෙනුවට නිසි පුනුරුත්ථාපන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි,” යනුවෙන් ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා පැවසීය.

Related posts

මහා සංගරත්නයේ නියෝගයට අගමැති කිපෙයි.. මාධ්‍යටත් අභියෝග කරයි (Video)

colombotoday

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව: රජයේ නීතිඥවරයා දිනයක් කල් ගයි.

colombotoday

බුදු පිළිම තැබුවොත් යහපාලනය නැතිවෙනවායි කියූ මන්ත්‍රී මන්සූර්ට, ඇමති දයා කෙළින් කියු කතාව (VIDEO)

colombotoday

මහා පරිමාණ දූෂණයක් ගැන අහන්න පබාත් කැඳවයි

colombotoday

මැණික් ව්‍යාපාරික තරුණයෙකුගේ සිරුර තානායමේ තිබී හමුවෙයි

colombotoday