Colombo Today Local News

මත්පෙති 3750ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අල්ලයි

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ දී මත්පෙති 3750ක් සහ රුපියල් 31,000ක මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15)දින රත්‍රී 7.30ට පමණ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයේ සැක සහිත වෑන් රථයක් නවතා සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි හිරන, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද(16)දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

එකම ස්ථානයකදී කොටි දෙදෙනෙකු මදුවලට හසුවී එක් කොටියෙක් මියයි

colombotoday

වැලිගම පාසල් තුනක් වසා දමයි

colombotoday

ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට රජයට සහ ඉස්ලාමීය සමාජයට විශේෂ යෝජනාවලියක්

colombotoday

වැඩබලන ජනාධිපතිගෙන් ජීවන බර අඩු කරන්න මෙතෙක් නොලැබුණු සහන

colombotoday

සිරගත බුද්ධි රණවිරුවන් බේරා ගැනීමට මහා සත්‍යක්‍රියාවක් (29) කොට්ටාවේදී

colombotoday

කිරෙන් බැද්දත්,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ

colombotoday