Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු එවන ලෙස ජනපති ඉල්ලයි

දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයක සිට නිසි අයුරින් වැව් සහ වාරිපද්ධති ප්‍රතිසංස්කරණය වී නොමැති බැවින් කෘෂිකර්මාන්තයට සහ ජන ජීවිතයට හානිකර බලපෑමක් ඇති කර ඇති බවය.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කුලියාපිටිය සමූපකාර ක්‍රීඩාංගනයේ පැවති ජනහමුවට සහභාගී වෙමින් මෙම අදහස් පළ කළේය.

විධිමත් හා නිසි ප්‍රමිතිගත සැලසුමක් ඇතිව වැව් ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම සඳහා තම ප්‍රදේශවල ජාවාරම් තොරතුරු නිර්ණාමිකව ජනාධිපති කාර්යාලයට එවන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

ජනපති පුටුවේ අසුන් ගත් සැකකරුවෙක් පොලිසියෙන් අල්ල ගනී

colombotoday

පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සමග හිටපු කොටි නායකයෙක් අත්අඩංගුවට

colombotoday

සේරුවිල ප්‍රාදේශීය සභාවේ ගැටුමෙන් මාස දෙකක මන්ත්‍රී දීමනාව නවතී

colombotoday

‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න’

colombotoday

කොරියාව සමඟ දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක්

Admin

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මිය යයි

Admin