World

භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් ‍මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ අතර තුර්කියට බලපෑ භූ කම්පන තත්ත්වයෙන් සිදුවු විනාශය අවම කිරීමට රජයේ යම් දුර්වලතාවන් බලපෑ බව එරට ජනාධිපති රිසෙප් ටයිප් අර්ඩන් විසින් පිළිගෙන තිබේ.

භූ කම්පාවෙන් විනාශයට පත් වු ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට විපක්ෂය පවසන්නේ අදාළ ව්‍යසනයේ වගකීම ජනාධිපතිවරයා විසින් භාරගත යුතු බවය.

අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති රිසෙප් අර්ඩන් පවසන්නේ, ඇතැමුන් පවතින තත්ත්වය හමුවේ දේශපාලන වාසි උදෙසා විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටින බවය.

Related posts

මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක් ඇනහිටියි – සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට

Admin

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

colombotoday

තායිවානයේ ගින්නකින් 46ක් ජිවිතක්ෂයට – 80 කට තුවාල

colombotoday

ජපානයේ තවත් ප්‍රාන්ත හතරකට හදිසි තත්ත්වයක්

colombotoday

මෙක්සිකෝවට, නවසීලන්තයට ප්‍රබළ භූමිකම්පා.. සිය ගණනක් මිය ගිහින් !

colombotoday

සූකීගේ නිලධාරියකු හමුදා අත්අඩංගුවේ සිටියදී මිය යයි

colombotoday