Colombo Today Local News

බෞද්ධ කොඩියක් එසවූවායැයි යාපනේ නොසන්සුන්තාවක්..

යාපනය නගර මධ්‍යයේ බෞද්ධ කොඩියක් එසවීම සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශවාසීන් අතර යම් නොසන්සුන්කාරි තත්වයක් හටගෙන ඇති බව යාපනය ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසීන් පැවසූවේ යාපනය බස් නැවතුම්පොළ මංසන්ධියේදී කුඩා ප්‍රමාණයේ බෞද්ධ කොඩියක් කිසියම් පිරිසක් විසින් ගසා ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරි තත්වයක් හටගෙන ඇති බවයි.

බෞද්ධ කොඩිය ගසා ඇති ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂයේ නියෝජිතයින් පිරිසක්ද පැමිණ බවද ප්‍රදේශවාසීහූ පැවසූහ.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ ඊයේ(13) අලුයම කාලයේ කිසියම් පිරිසක් අදාළ කොඩිය ගසා ගොස් ඇති බවට සැක පළ කරන බවත් මේ පිළිබඳ දෙමළ ජනතාව අකමැත්තෙන් පසුවන බවයි.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවා අද සිට ඩිජිටල් ක්‍රමවේදයට

Admin

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin

දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම්… ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday

දක්ෂිණ අධිවේගයේ ටැංකි රථයක් කරනම් ගහයි

Admin

මත් උවදුරෙන් දරුවන් මුදාගැනීමට දරුවන්ට පවුරක් බැදි “පවුර”

Admin

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday