extremism & terrorism activitiesWorld

බොකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තයන් ගෝත්‍රික ගමකට පහර දෙයි. පුද්ගලයින් 81 ක් මරුට

ඊසානදිග නයිජීරියාවේ බොකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තයන් විසින් ගෝත්‍රික ජනයා ජිවත්වන ගමකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බෝර්නෝ ප්‍රාන්ත රජය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.

රජයේ ප්‍රකාශයට අනුව ආයුධ සන්නද්ධ ටැංකි හා ට්‍රක් රථවලින් ඔවුන් ගමට පහර දුන් බව ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් එක් ගම්වැසියෙක් බලධාරීන්ට පවසා ඇත්තේ ප්‍රහාරකයින් ඉස්ලාමීය ගුරුවරුන් පිරිසක් බවයි.

“ඔවුන් අපව එක්රැස් කර අපට ආගමික දේශනාවක් සිදු කිරීමට අවශ්‍ය බව පැවසුවා. ඔවුන් අපෙන් ඉල්ලා සිටියේ අප සතුව ඇති ආයුධ ලබා දෙන ලෙසයි. සමහර ගම්වැසියන් ඔවුන්ගේ … තුවක්කු, දුන්න සහ ඊතල ලබා දුන්නා.”

“හදිසියේම, ඔවුන් වෙඩි තැබීම ආරම්භ කළා. ළමයින් සහ කාන්තාවන් පවා බේරුණේ නැහැ. බොහෝ දෙනෙකුට වෙඩි තබා ඇත්තේ ඉතා ළඟ සිටයි” යනුවෙන් එම පුද්ගලයා සඳහන් කර ඇත.

Related posts

හැට වසරකට පසු මාලදිවයිනේ මරණ දඬුවම ක්‍රියාත්මකයි

colombotoday

ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්

colombotoday

රතු මුහුදේදී නෞකාවක් හූති කැරලිකරුවන්ගේ ග්‍රහණයට

Admin

රුසියාවට තහංචි පැනැවීම් මැයි 31 වැනිදා වනතුරු… බළලුන්ටත් තහංචි

colombotoday

ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවතුන් අතර පෙරමුණට

Admin

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

Admin