Colombo Today Local News

බීමතින්, රියදුරු බලපත්‍රයක් නොමැතිව, ගංජා සුරුට්ටුවක් තබාගෙන වෑන් රථයක් පැදවූ පුද්ගලයෙකුට 52500 ක දඩයක්

රියදුරු බලපත්‍රයක් නොමැතිව, බීමතින් ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබාගෙන වෑන් රථයක් පැඳවීමේ චෝදනාවලට වරද පිළිගත් පුද්ගලයෙකුට හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි මහතා විසින් රුපියල් 52500/- ක දඩ මුදලක් නියම කර තිබේ.

ඊයේ (09) දිනයේ දී මෙම නියෝගය ලබා දී ඇත.

මෙසේ වරදකරු වූයේ, මස්කෙළිය නගරයේ පදිංචි පරමජෝති සරවණ නැමති අයෙකි.

බීමතින්, රියදුරු බල පත්‍රයක් නොමැතිව රිය පැදවීම යන චෝදනා දෙකට පිළිවෙලින් රුපියල් 25,000/- බැගින් රුපියල් 50,000/- ක් හා ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට රුපියල් 2500/- වශයෙන් රුපියල් 52,500/- ක දඩ මුදල විනිසුරුවරයා විසින් මෙහිදී නියම කර ඇත. 

චූදිත තවත් පිරිසක් සමඟ මස්කෙළිය ප්‍රදේශයේ  සිට නල්ලතන්නිය දක්වා මෙම වෑන් රථය පදවමින් සිටියදී නල්ලතන්නිය, මුල්ගම මන්සන්ධියේදී පොලිස් නිලධාරීන් විසින් පෙරේදා (08) පස්වරුවේ සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. 

රියදුරුට මෙම වෑන් රථය අයිති නොවන අතර, වාහනය අයිතිකරුට බාර දීමට පියවර ගත් බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය. 

නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත උ.පො.ප රත්නායක පොලිස් කොස්තාපල්වරුන් වන  කැළුම් (84645), කුමාර (77876), සිවරූබන් (33828) යන නිලධාරීහූ මෙම වැටලීම සිදු කර චූදිත අධිකරණය හමුවට පමුණුවා තිබුණි.

Related posts

හිටපු ජනපතිනි චන්ද්‍රිකාට කාර්ය මණ්ඩලයේ විරෝධය

colombotoday

මහින්දගෙන් ඥාණසාර හිමිට අවවාදයක්

colombotoday

රජයේ සියලුම රෝහල්වල හා සෞඛ්‍ය ආයතනවල ඖෂධවේදීන්ගේ සංගමය ’කළු විරෝධතා සතියක්’ අරඹයි

Admin

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

“ජිනීවා ගිහින් රජයේ හමුදාව පාවා දුන් සන්ධ්‍ය එක්නැලිගොඩ තවමත් නිදැල්ලේ.. කෝ නීතිය” – මේජර් අජිත් ප්‍රසන්න

colombotoday

ජනපති පන්නා දැමූ සුසිල් ප්‍රේමජයන්ත උසාවි යන බව කියයි.

colombotoday