Colombo Today Local News

බැසිල්ට උඩින් යන්න දිවි නැඟුමේ කෝටි 15ක්

අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීමේ ‘දිවි නැඟුම’ අරමුදලේ මුදල් රුපියල් ලක්ෂ එක්දහස් පන්සිය පනස් හයක් වැය කැර ඇත්තේ හිටපු ආර්ථික කටයුතු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් වෙනුවෙන් බව ජනාධිපති පරීක්ෂණ කොමිසම සිදු කරන විමර්ශනයකදී අනාවරණය වී තිබෙන බව වාර්තා වේ.

මෙම ගුවන් ගමන් සියල්ලම රට ඇතුළත සිදුවුණ ගුවන් ගමන්ය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම මුදල් පියවා ඇත.

මෙම රුපියල් ලක්ෂ එක්දහස් පන්සිය පනස් හයක මුදල දැනට සොයාගෙන තිබෙන මුදල් ප්‍රමාණය පමණි. මේ පිළිබඳව දීර්ඝ විමර්ශනයක විමර්ශන අංශ නියැළී සිටින බවද වාර්තා වෙයි. රට අභ්‍යන්තරව සිදුවී තිබෙන මෙම ගුවන් ගමන් අතරේ සිදුවී තිබෙන සමහර ගුවන් ගමන් යොදාගෙන ඇත්තේ ඇදහිය නොහැකි ඉතාමත් කෙටි දුර සඳහාය.

Related posts

සහරාන්ගේ සහෝදරයාගේ නිවසින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල හා උපකරණ

colombotoday

හඳුන්නෙත්තියා ඕපන් කොරපු කර්මාන්තශාලාව කෝ?

colombotoday

සංචාරයකට ගිය ඇමැති බන්දුල ලෙඩ වෙයි

Admin

ආණ්ඩුවේ දූෂිතයන්ටත් මගෙන් බේරුමක් නෑ – ජනපති

colombotoday

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සඳහා වූ දළ පනත් කෙටුම්පත අද කම්කරු උපදේශක සභාවට

Admin

දුම්රිය දෙපාර්තුමේන්තුවට කෝටි 1240ක පාඩුවක්

Admin