Colombo Today Local News

බැසිල්, මෛත්‍රී විරෝධීන් කැඳවයි !

1bas-1නව දේශපාලන පක්ෂයක් ගොඩනැගීම සඳහා වන මෙහෙයුම කිසිඳු ලෙසකින් අත් නොහරින බව අවධාරණය කර සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා පාර්ශවයෙන් ඉදිරිපත්වන යෝජනා ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් පමණක් නොව, රාජපක්ෂ පවුලේ සහෝදරයින් බේදභින්න කිරීමේ සැලසුමක් බව පෙන්වා දෙයි.

සන්ධානයේ මහ ලේකම් විසින් ඉදිරිපත්කර ඇති සාම යෝජනාවලිය සම්බන්ධයෙන්, ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කල විමසීමකදී බැසිල් මහතා එම කාරණය පැවසු බව එම අවස්ථාවට සහභාගිවූ මන්ත්‍රීවරයකු වෙත පැවසිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය දින කිහිපයෙහි එජාප නායකත්ව අභියෝගයට ලක්කරමින්, ආරක්ෂක හමුදාවන් හා ශ්‍රීලනිප නායකයින් සම්බන්ධයෙන් පෙනී සිටීම ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ උද්දාමයට හේතුවී ඇතැයි එම මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්ෂ මහතාට පවසා තිබේ.

එම තත්වය තුල ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනැගීමට සහයවන්නැයි පාක්ෂිකයින් ගෙන් බලපෑම් එල්ල වී ඇතැයි ද ඔවුන් බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත.

එවැනි ප්‍රකාශවලට නොරැවටෙන ලෙස පාක්ෂිකයින් දැනුවත් කරන්නැයි ඉල්ලා ඇති බැසිල් රාජපක්ෂ මහතා, මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආසන සංවිධායක ධුරවලින් ඉවත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා හිටපු ආසන සංවිධායකයින් වහාම කොළඹට කැඳවීමට කටයුතු කරන ලෙස ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට උපදෙස් දී තිබේ.

කෙසේවුවද, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් යලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්කර ගැනීම සඳහා සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා විසින් මහින්ද පාර්ශවයට ඉදිරිපත් කල යෝජනාවට මේවනවිට ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහය පලවී ඇතැයි වාර්තාවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ද විපක්‍ෂයට පෙරලිකාර හා තීරණාත්මක යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, එම යෝජනාව සම්බන්ධයෙන් මහින්ද පිලේ නායකයින් අතර දැනටමත් සාකච්ජා වට කිහිපයක් පවත්වා ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරි දින කිහිපයක් තුලදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් වෙබ් අඩවි වාර්තා කරයි.

Related posts

සනත් නිශාන්තට එරෙහිව චෝදනා ගොනු කරන්න නීතිපතිට කල් දෙයි

Admin

11දා රට ඇරියා කියා කඩා බිඳගෙන කඩගානේ දුවන්න එපා. විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

රන්ජන්සි සිරගෙදරදී යදිවි නසාගන්න උත්සාහ කර නෑ. පැතිරෙන කතා අසත්‍යයි.

colombotoday

එජාප-ශ්‍රීලනිප කපුකටම ගිය රන්ජන්ට, අගමැතිකමට අලුත් නමක් ජනපති යෝජනා කරයි

colombotoday

වවුනියාව කොක්එලිය ගම්මානයේ සිංහලයන් පන්නා දමයි – උතුරෙන් පිටවෙන්නැයි හිටපු මහ කොටියෙකුගෙන් තර්ජණ !

colombotoday

හිස්බුල්ලා එලවන්න රතන හිමි දින දෙයි… ජනපති තවත් තනතුරු දී හිස්බුල්ලා දෙගුණයකින් බලගන්වයි….

colombotoday