Colombo Today Local News

බැඳුම්කර ගැසට්‌ පත්‍රයට මහින්දගේ නම යෙදූ නිලධාරීහු දත්ත විනාශ කිරීමේ වෑයමක

වත්මන් රජය විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට්‌ පත්‍රය හිටපු ජනාධිපති හා මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත් කිරීමට වගකිවයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අදාළ දත්ත විනාශ කිරීමේ උත්සාහයක නිරත වී සිටින බව එම බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගැසට්‌ පත්‍රය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත්ව තිබීම පිළිබඳව හෙළිදරව් වීමත් සමඟ එයට වගකිවයුතු මහ බැංකු නිලධාරීන් බොහෝ කලබලයට පත්වී ඇති බවත් අදාළ ගැසට්‌ පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට යවන්නේ මහ බැංකුව විසින් නිසා ඊට සම්බන්ධ මහ බැංකු නිලධාරීන් මේ උත්සාහයේ නිරත වී ඇති බවත් එම ආරංචි මාර්ග හෙළි කරයි.

මතභේදයට තුඩුදුන් ගැසට්‌ පත්‍රය තමාගේ නමින් නිකුත් කිරීම සඳහා බැංකුවට සහ මුදල් අමාත්‍යාංශයට එරෙහිව නඩු පවරන බවට හිටපු ජනාධිපති හා මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප්‍රකාශ කර ඇත.

සාමාන්‍ය පිළිවෙත අනුව එම බැඳුම්කර නිකුතුවලට අදාළ ගැසට්‌ පත්‍ර මුද්‍රණය යෑවීමට පෙර මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත යවන නිසා මේ සඳහා මහ බැංකුවට අමතරව මුදල් අමාත්‍යාංශය ද වගකිව යුතුයි. එම ආරංචි මාර්ග තවදුරටත්  හෙළි කළේය.

Related posts

ග්ලයිපොසෙට් තහනම් ඉවත් කරන්නේ කාගෙ උවමනාවටද? මහාචාර්ය චන්න ජයසුමන හෙළි කරයි

colombotoday

මෙරට වෛද්‍යවරුත් ISIS ත්‍රස්ත සංවිධානයේ.. නවතම වීඩියෝවක් අනාවරණය කරයි

colombotoday

රතුපස්වලට අවුරුදු තුනයි.. මානව හිමිකම් කොමිසමෙන් යළිත් විමර්ශන

colombotoday

ජනපතිට ශක්තිමත් බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍යයි-ජී.එල් පීරිස්

colombotoday

බන්ධනාගාර තාප්පෙට ඉහළින් එන පාර්සල්

colombotoday

මුස්ලිම් ජනතාවට වැඩිම සේවයක් කලේ මගේ ආණ්ඩුව- අගමැති මහින්ද

colombotoday