Colombo Today Local News

බැදුම්කර අරක්කු කම්හල ගැන හොයන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ගුටි !

මඩකළපුව, කල්කුඩා ප්‍රදේශයේ ඉදි කෙරෙන මත්පැන් නිෂ්පාදනාගාරයක් පිළිබඳ වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මත්පැන් නිෂ්පාදනගාරයේ සේවකයන් දෙදෙනකු කල්කුඩා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකු වන පුණ්‍ය මූර්ති ශෂිදරන් මහතාට සහ නල්ලතම්බි නීත්‍යානන්දන් මහතාට පෙරේදා (21දා) දින සිය රාජකාරිවලට බාධා කරමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි.

මාධ්‍ය කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් පහරකෑමට ලක් වූ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනා ඊයේ (2දා) මඩකළපුව පිහිටි මානව හිමිකම් කාර්යාලයටද පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

අදාළ මත්පැන් නිෂ්පාදනාගාරය අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදන සමාගමට අයත් එකකි.

අර්ජුන් ඇලෝසියස් මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාය.

මහ බැංකු ගනුදෙනුව හරහා මුදලින් රුපියල් කෝටි 20,000ක පාඩුවක් සිදු වූ බවට වාර්තා වේ. එසේම මෙම මත්පැන් නිෂ්පාදනාගාරයේ බලපත්‍රය ලබා ගෙන ඇත්තේ 2015 වසරේදීය.

2016 අය – වැයෙන් උෟව නැඟෙනහිර පළාත්වල ඇමෙරිකානු ඩොලර් මිලියන තුනකට වැඩි රැකියා 250ක් ලබාදීමට අදාළ ව්‍යාපෘති වෙනුවෙන් සියයට සීයක බදු සහනද ලබා දී ඇත.

Related posts

මුතුරාජවෙලේ කැලෑවක කසිප්පු පෙරලා.. ලක්ෂ දෙකක උපකරණ සමග කසිප්පු මිලි ලීටර 4000 ක් නිළධාරීන් භාරයට

colombotoday

කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක හුදෙකලා කිරීම හෙට ඉවතට

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන තත්වයක්

colombotoday

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

5,000 දීමනාව යළිත් | ජල බිල්පතේ සහනයක් නෑ

colombotoday

ඇලෝසියස්ගේ දුරකථන දත්ත වාර්තාවෙන් අගමැතිගේ අංකයත් මතුවෙයි !

colombotoday