Colombo Today Local NewsHot News

බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස්භූගත කුටියක සඟවා සිටියදී සොයා ගනී

පසුගිය 9 වනදා රාත්‍රියේදී බුත්තල කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවසකට කඩාවැදුනු තරුණයන් තිදෙනෙකු නිවසේ සිටි පියාට තියුණු ආයුධයකින් පහරදී එහි නිදා සිටි 14 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් තිබුණි.

පැහැරගැනීම සිදුකර තිබුණේ ඇයගේ පෙම්වතා බව පැවසෙන 20 හැවිරිදි තරුණයෙකු විසිනි.

පසුව දැරියගේ පියා සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනුණු නමුත් පැහැරගැනීමට ලක්වූ දැරිය සොයාගැනීමට පොලීසියට හැකි නොවීය.

කෙසේවෙතත් පොලිස් විමර්ශනයේදී ප්‍රධාන සැකකරු සමග දැරිය පැහැරගැනීමට පැමිණි අනෙක් සැකකරුවන් දෙදෙනා අනාවරණ කරගත් පොලීසිය අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පැහැරගත් දැරිය බුත්තල නගරාසන්නයේ පිහිටි ප්‍රධාන සැකකරුගේ මාමාට අයත් නිවසක භූගත කුටියක සිරකර සිටින බවට තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවිය.

ඒ අනුව බුත්තල පොලීසිය විසින් සිදුකළ මෙහෙයුමකින් පැහැරගෙන ගොස් භූගත කුටියක සඟවා සිටි 14 හැවිරිදි දැරිය ඉන් මුදාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණි.

පසුව අනාවරණය වූයෙ අඩි පහක උසකින් සහ අඩි 6ක පළලකින් යුක්ත වූ මෙම භූගත කුටිය දැරිය සඟවා තැබීම සඳහාම මීට මාස එකහමාරකට පමණ ඉහතදී ප්‍රධාන සැකකරුගේ මාමා විසින් සකස් කර තිබූ බවයි.

නිවසේ හිමිකරු ඇතුළු සැකකරුවන් අද දිනයේදී වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ ඔවුන් දින14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිද්ධියේ ප්‍රධාන සැකකරු, පැහැරගැනීමට ලක් වූ 14 හැවිරිදි දැරියගේ වැඩිමහල් සොයුරිය සමග මින් පෙර ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවද පොලීසිය අනාවරණ කරගෙන ඇත.

සැකකාර තරුණයා සමඟ පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඇයගෙන් කළ ඉල්ලීම් ඇය ප්‍රතික්ෂේප කිරීම මත එම ප්‍රේම සබඳතාව නවතා ඇයගේ සහෝදරිය වන පැහැරගැනීමට ලක් වූ 14 හැවිරිදි දැරිය සමග ප්‍රේම සබඳතාවක් අරඹා ඇති බව පොලීසිය පවසයි.

මීට මාස දෙකකට පමණ ඉහතදී ද සැකකරු විසින් මෙම දැරිය බලහත්කාරයෙන් රැගෙන ගොස් දැරියව නිවසේ අට්ටාලයක සඟවා තිබූ බව පොලීසිය සඳහන් කළේය, එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරු ඇප මත මුදාහැර තිබූ අතර එම සිදුවීමටද මෙවර අත්අඩංගුවට ගත් සැකකරුගේ මාමා උපකාර කර ඇති බව වාර්තා වේ.

Related posts

ටෙලිකොම් පරිගණක ජාලයට සයිබර් ප්‍රහාරයක්

colombotoday

රන්ජන් රාමනයක දිගටම මන්ත්‍රීවරයෙක් ? Video

colombotoday

ඔඩ්ඩුසුඩාන් කල්ලිය මෙහෙයවන්නේ ප්‍රංශ කොටියෙක්‌

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතර ගිනි අවියක් ලබාදීමට අයැදුම්පත් කැඳවයි

Admin

පාස්කු ප්‍රහාරකයා සතුව තිබූ ගම්මිරිස් ඉඩම

colombotoday

සබීතාගේ බිල්ඩිමට තවත් කෝටි හයක් ඉල්ලයි.. පරිපූරකය පාර්ලිමේන්තුවට

colombotoday