Covid 19World

බ්‍රිතාන්‍යයේ කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට

බ්‍රිතාන්‍යයේ කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට

ඊයේ(21) දිනයෙන් අවසන් වූ පැය 24 තුළ පමණක් මරණ 53ක් වාර්තා වී තිබිණ.

එරට ජාතික එරට ජාතික සෞඛ්‍ය සේවා ආයතනය පවසන්නේ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 5,000 ඉක්මවා ඇති බවයි. 

මියගිය සියලු දෙනා වයස අවුරුදු 41ත් 94ත් අතර වයසේ පසුවන්නන් වන අතර  ඔවුන්ගෙන් බොහෝදෙනකු වෙනත් රෝග තිබූ අය බව ද පැවසේ.

බ්‍රිතාන්‍යයේ සිදුවූ මරණවලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් ලන්ඩන් නගරයෙන් වාර්තා වී ඇති අතර සෙනසුරාදා එම සංඛ්‍යාව 19කින් වැඩි විය. ඒ අතරින් මරණ අටක්ම එකම රෝහලකින් වාර්තා වී තිබිණි.

ලන්ඩන් නුවර මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 90කි. ඊට ගිනිකොණ දිග ප්‍රදේශයෙන් මරණ 42ක්, බටහිර මිඩ්ලන්ඩ්ස් හි මරණ 32ක්, වයඹ ප්‍රදේශයෙන් මරණ 19ක්, නිරිතදිග ප්‍රදේශයෙන් මරණ 12ක්, නැගෙනහිර මිඩ්ලන්ඩ්ස් හි මරණ 09ක් යෝක්ෂයර් සහ හම්බර්ක් හි මරණ 08ක්, ඊසාන ප්‍රදේශයෙන් මරණ 04ක් වශයෙන් වාර්තා වී ඇත

Related posts

වසර 05 කට පසු මතුවූ ඉබෝලා අවදානම

colombotoday

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

colombotoday

ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට පසු දිවි රැකගත් දරුවන්

Admin

ට්‍රම්ප්ගේ මතභේදාත්මක ප්‍රකාශ ඉවත් නොකිරිමට එරෙහිව වැඩ වර්ජනය කල ෆේස්බුක් සේවකයින්

colombotoday

තවත් කොවිඩ් මරණ 51ක්

colombotoday

ඉන්දියාවට යන සියලු බ්‍රිතාන්‍ය වැසියන්ට දින 10ක නිරෝධායනය අනිවාර්යයි

colombotoday