Colombo Today Local News

බස් රථයක බෝම්බ පුපුරවා තිදෙනෙකු ඝාතනය කිරීම.. ද්‍රවිඩ ජාතිකයන් හතරකට පස් වසරක සිර දඩුවමක්

2008 වසරේ මහනුවර, පොල්ගොල්ල ප්‍රදේශයේ මගී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර  තුන් දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ද්‍රවිඩ ජාතිකයින් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය වසර 10 ක සිර දඬුවමක් නියම කරමින් එය වසර 05 කින් ගෙවි යා යුතු බව නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ කියා සිටියේ තමන් මෙම චෝදනාවලට වරද පිළිගන්නා බවයි.

ඒ අනුව විත්තිකරුවන්ට වසර 10ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර පහකින් ගෙවිය යුතු බවට නියම කළේය.

ඊට අමතරව රුපියල් විසි දහසක දඩයක් ද නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

2008 වසරේ ජනවාරි මස 6 වනදා මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ  මගී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට තුන් දෙනෙකු මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා තිබුණි.

Related posts

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

colombotoday

“නිදහස් අධ්‍යාපනය අහෝසියි.. පාසල් නඩත්තුවට සිසුන්ගෙන් මුදල් එකතු කිරීම නිතීගත කරලා” – ලංකා ගුරු සංගමය

colombotoday

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා සිය ධුරයේ වැඩ භාරගනී

colombotoday

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

colombotoday

“මට ඕවා මතක නෑ..” – රවීගේ ලෙඩේ රාජිතටත් බෝවෙයි (Video)

colombotoday