Colombo Today Local News

බස් ගාස්තුව සීයට 10 කින් වැඩිකළේ නැත්නම් 24 දා රෑ සිට වර්ජනයක්

බස් ගාස්තුව සියයට 10 කින් ඉහළ දමා රුපියල් 12ක් වන අවම ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව දින හතක් තුළ පියවර නොගතහොත් ලබන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ පෞද්ගලික බස් රථ වර්ජනයකට එළැඹීමට සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය ඊයේ (17) තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

නාරාහේන්පිට කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේදී ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ අංජන ප්‍රියන්ජිත් මහතා මාස දෙකක් තුළ ආණ්ඩුව ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් වැඩිකිරීම හේතුවෙන් කෙටි දුර බස් ධාවකයන්ට දිනකට රුපියල් 1000 සිට 1200 දක්වා සහ දුර සේවා බස් ධාවකයින්ට දිනකට රුපියල් 1500 සිට රුපියල් 3000 දක්වා පාඩුවක් සිදුවන බවද කීය.

Related posts

මාස්ක් එකකින් රුපියල් දෙකක ගැහිල්ලක්. – ඇමති බන්දුලට විරුද්ධව අල්ලස් කොමිසමට

colombotoday

ඉඩම් ඔප්පු ලියාපදිංචිය Online ක්‍රමයට

Admin

අරාබි භාෂාවත් නිල භාෂාවක් වෙයි..!! බදුල්ල කච්චේරියේ නාම පුවරුවල අරාබි වැකි..

colombotoday

නලීන්-රෝහිණි-මයන්ත-කාවින්ද-බුද්ධික එක් කර සජිත් අලුත් බලකායක් හදයි

colombotoday

කරුණා අම්මාන් ශ්‍රීලනිපය හැර යයි.. අලුත් ‘දෙමළ‘ පක්ෂයක් පිහිටුවයි !!

colombotoday

ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Admin