Colombo Today Local News

බලය බෙදන ව්‍යවස්ථාව ඉදිරියටම, සජිත් එකගවූ යෝජනා මෙන්න !

බලය බෙදාහැරීම, මැතිවරණ ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කිරීම, අගමැතිවරයාගේ එකඟතාව මත ක‍්‍රියාත්මක වන විධායක ජනාධිපති ධුරය ඇතුළු වත්මන් රජය ආරම්භ කරන ලද ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ ඉදිරියටත් පවත්වාගෙන යෑමට ඊයේ (26 දා) පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සහ මන්ත‍්‍රී මණ්ඩල රැුස්වීමේදී අනුමත වූ බව පක්‍ෂයේ මහ ලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එ. ජා. ප. ජනාධිපතිරවණ අපේක්‍ෂකයා තෝරා ගැනීමට අමතරව ඉහත යෝජනා ද ඉදිරිපත් කර අනුමත කරගත් බව ඇමැතිවරයා සඳහන් කළේය.

මීට අමතරව පක්‍ෂ සම්මේලනය ලබන මස 03 වැනිදා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමටත් 10 වැනිදා සවස 2.00 ට එක්සත් ජාතික පෙරමුණ සහ ඊට සහාය දක්වන පක්‍ෂවල සහභාගිත්වයෙන් ගෝල්ෆේස් පිටියේදී දැවැන්ත රැලියක් පැවැත්වීමටත් මෙහිදී තීරණය කළ බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය

Related posts

බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා… හේතුව මෙන්න!

colombotoday

නිවෙස් තුළදීම සිදුවිය හැකි කොවිඩ් මරණ ඉහළ යන ලකුණු | මෘතදේහ ගබඩාවට අධිශීතකරණ සහිත කන්ටේනර් සූදානම් කරයි

colombotoday

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ති‍්‍රක් නායකයන් පත් කෙරේ

colombotoday

ජනපති ගමේ ගිහින් බැදුම්කර වාර්තාව කියවයි.. ඊළග පියවර ගැන සාකච්ඡාවට අගමැති කැදවයි !

colombotoday

බදුල්ලේ රෝහල් හතරක් සංවර්ධනයට ජනපතිගේ උපදෙස්

Admin

ශ්‍රී ලාංකිකයින් 5800කට කොරියාවේ රැකියා

colombotoday