Colombo Today Local News

පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ගෙන සියදිවි හානි කර ගනී

කල්මුණේ පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන තිබේ.

අදාල පොලිස් කොස්තාපල්වරයා පොලිස් ස්ථානයේ කාර්යාලයක් තුළ දී සිය රාජකාරි ගිනි අවියෙන් මෙලෙස වෙඩි තබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

සියදිවි හානිකර ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ 21 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන්.

සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්මුණේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

උපයෝගීතා කොමිසම විදුලි බිල අඩුකරන්න අවසර දුන්නත් මණ්ඩලය බෑ කියයි

Admin

විදුලි සේවකයන් අඛණ්ඩව වර්ජනයේ.. විදුලිය දෙන්න හමුදාව කැදවයි !

colombotoday

නාමල් කුමාරගේ දුරකථනයේ මකා දැමූ දත්ත නැවත ලබාගැනීමට හැකිවුණා – CIDය අධිකරණයට දන්වයි.

colombotoday

කෙරවලපිටිය බලාගාරයට නැප්තා ලීටර් ලක්‍ෂ 10 ක්

colombotoday

මහ මැතිවරණය පැවැත්විය හැකියි- මහින්ද දේශපි‍්‍රය

colombotoday