Colombo Today Local News

පොඩි ලැසී ගේ මව අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා නොහොත් “පොඩි ලැසී” යන අයගේ මව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ සැඟව සිටිය දී මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී රුපියල් 51,000ක මුදලක්, ජංගම දුරකථන පහක් සහ බැංකු ගිණුම් පාස් පොතක් පොලීසිය බාරයට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි ආණ්ඩුවත්ත තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය සඳහන් කළේය. ‍

සැකකාරිය අද (25)දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

තවත් ඇමති පැටව් තිදෙනෙක්..! මනූෂ, තෙවරප්පෙරුම, ලක්ෂමන් ඇමතිධුරවල දිවුරයි

colombotoday

මධුෂ්ගේ ඔත්තුවෙන් හෙරොයින් කිලෝ 10ක් කොටිකාවත්තෙන් සොයා ගනී

colombotoday

රියදුරු බලපත්‍රහිමියන්ට විශේෂ පණිවුඩයක්

colombotoday

“විදුලිය කප්පාදු කරන මොහොතක විදුලි බිල ඉහළ දැමීම අසාධාරණයි”

colombotoday

රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාවට

colombotoday

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

colombotoday