Colombo Today Local News

පුදබිම අසල හෝටල් ඉදිකිරිම නවතනු – බොදු බල සේනාව මධ්‍යම පරිසර අධිකාරියට

bbs-envශ්‍රී පාද පුදබිම අසල අක්කර 83ක භුමි ප්‍රමාණයක ඉදිකරීමට සුදානම් හෝටලයට විරුද්ධව කරුණු දැක්වීම සදහා බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද (2) මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැමිණියා.

බෞද්ධයාගේ අති පුජනීය ස්ථානයක් වන ශ්‍රී පාද පුදබිම අසල අරාබි මුදල් යොදා ගනිමින් මෙවැනි ඉදිකිරීමක් සිදු කරනු ලබන්නේ අනාගතයේ දිනකදි බෞද්ධ උරුමය ආක්‍රමණය කිරීම සදහා බව පෙන්වා දුන් බොදු බල සේනා නියෝජිතයන් මාඋස්සා කැලේ ජලාශයට මායිම්ව පිහිටා ඇති මෙම ඉඩම සංවේදී පරිසර කලාපයට අයත් බැවින් අනවසරයෙන් හෝටල් හෝ ගොඩනැගිලි ඉදීකිරිමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටියා.
මෙහිදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් අදාළ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට තීරණය කිරීමේ නිවේදනය ලබාදෙන ලදි.

img_4913

Related posts

දිනේශ් ශාෆ්ටර්ගේ මළ සිරුර ගොඩ ගනී

Admin

ප්‍රදේශ කිහිපයකට ජල බිල්පත SMS මගින්

Admin

මේ වසරේ ඖෂධ මිල දී ගැනීමට මුදල් වෙන්කරන බව ජනපති කියයි

Admin

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ !

colombotoday

රු 5,000 ගුරු දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

යහපාලන රජය රටින් රබර් ගෙන්නන්න කෝටි 18,000 වැය කරලා

colombotoday