Colombo Today Local News

පිදුරංගලට පස්ස හරවා ජාතියට හෙළුව පෙන්නූ නරුමයන් අල්ලන්න හොයයි…

ඓතිහාසික සීගිරිය, පිදුරංගල රජමහා විහාරස්‌ථානයේ පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ ජාලා වෙත මුදාහැරිය තරුණයන් සොයා ඊයේ (25 වැනිදා) සීගිරිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

තරුණ පිරිසක්‌ එම පර්වතය මත හිඳ සීගිරිය පර්වතය දෙසට මුහුණ පා තම ශරීරයේ පශ්චාත් කොටස නිරාවරණය කර ගෙන සිටි ඡායාරූප කිහිපයක්‌ පසුගියදා සමාජ ජාලා වෙත මුදාහැර තිබිණි

මෙම අශෝභන සිදුවීම පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය තුළ මෙන්ම සමාජය තුළද දැඩි කතා බහක්‌ ඇතිව තිබූ අතර පොලිස්‌ ආඥ පනතට අනුව සහ අසභ්‍ය ප්‍රකාශන වැළැක්‌වීමේ සංශෝධිත පනත අනුව එම පුද්ගලයන්ට නීතිමය පියවර ගැනීමට හැකියාව පවතින බව සීගිරිය පොලිසය පවසයි.

සීගිරිය බලකොටුවක්‌ව පැවැති සමයේදී පිදුරංගල රහතුන් වහන්සේලා වැඩ සිටි ඓතිහාසික භූමියක්‌ බවට ඉතිහාසයේ දැක්‌වේ.

Related posts

යහපාලනය අලුත් රටට ගැළපෙන අලුත් ජාතික ගීයක් යෝජනා කෙරේ !

colombotoday

තවත් පැය 24ක් ඇතුලත 625ක් අත් අඩංගුවට

Admin

කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා

Admin

ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා – ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

දෙමළ සන්ධානයේ සහය අගමැති රනිල්ට…

colombotoday

ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයින්ට ආරාධනාවක්

Admin