Colombo Today Local News

පැය 48ක් ඇතුළත ඇමති මණ්ඩලය පත්කර අතුරු සම්මත ගිණුමක් ගේනවා

පැය 48ක් තුළ අමාත්‍ය මණ්ඩලය පත්කර 2019 වසරට අදාළ රාජ්‍ය වියදම් සඳහා අත්‍යවශ්‍ය අතුරු සම්මත ගිණුමක් සම්මත කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

අද (16) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර අදාළ කැබිනට් මණ්ඩල සාමාජිකයන් ප්‍රමාණය 30 ක් විය යුතුව ඇති බවද ඔහු පැවසීය.

ඒ බව 19 වන සංශෝධනය තුළ පැහැදිළිව දක්වා ඇති බවත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යධුර ලබාදීමද ඊට අනුව සිදුවිය යුතු බවද මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර මාධ්‍යවේදියකු විමසා සිටියේ රවී කරුණානායක මන්ත්‍රීවරයා වෙත මුදල් අමාත්‍යංශය ලබාදීමේ සූදානමක් පවතීද යන්නය. ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ පක්ෂනායක හමුවේදී එවැන්නක් සාකච්ඡා නොවූ බවය. එහෙත් අමාත්‍යධුර සම්බන්ධව මේ වන විටත් විවිධ කරුණු යෝජනා සාකච්ඡා වෙමින් පවතින බවද මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

තායිවානයට බලපෑ ප්‍රබලතම භූකම්පනය

Admin

කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා

Admin

පිල්ලෙයාන්ට දින 90ක රැඳවුම් නියෝග!

Admin

ශ්‍රීපාදස්ථානය පාමුළින් හමුවූ හනුමාගේ කියා වැන්ද පා සටහන ගැන හෙළිවුණු දේ…

colombotoday

පොලිසියයි, රාජ්‍ය මාධ්‍යයයි ඉස්සරහ තියාගෙන තෙල් සේවකයන්ට පහරදුන් මන්ත්‍රීගේ ගෝලයෝ (Photo)

colombotoday

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු අද සිට

Admin