Colombo Today Local News

පාසැල් ක්‍රීඩා යළි අරඹන්න සුදානම් – ක්‍රීඩා ඇමති

කොරෝනා ගෝලීය වසංගතයත් සමග නතර කෙරුණු ඇතැම් පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ක්‍රීඩා යන අමාත්‍යංශ එකගතාවයට පැමිණ තිබේ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සමඟ අද (26)දින සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡකදී මෙම එකගතාවයට පැමිණ තිබේ.

මෙම සාකච්ඡාවට ක්‍රීඩා හා සෞඛ්‍ය යන අමාත්‍යංශ දෙකේම ඉහළ නිළධාරින් සහභාගි වු අතර දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ හා සෞඛ්‍ය අංශ අධීක්ෂණය යටතේ ඇතැම් පාසල් ක්‍රීඩා පැවැත්වීමට අමාත්‍යංශ දෙකම එකගවු බවයි මෙම සාකච්ඡාවෙන් පසු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පවතින වාතාවරණය මත පැවැත්විය හැකි ක්‍රීඩා ගණනාවක් හදුනාගෙන ඇති නමුත් ඒ පිළිබද අවසන් තීරණය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ගන්නා බවයි. කෙසේවෙතත් හැකි ඉක්මණින් පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට හැකිවෙතැයි නව ක්‍රීඩා අමාත්‍යවරයා මෙම සාකච්ඡාවෙන් අනතුරුව විශ්වාසය පළ කළා.

Related posts

STF රැකවරණ මැද දෙමටගොඩ චමින්ද වැලිකඩින් එළියට !

colombotoday

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා තීරණය කරයි !

colombotoday

“බන්දුල” මිය යයි

colombotoday

රටේ ස්වාධීනත්වය හා ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙනී සිටිනවා -මෛත්‍රීපාල සිරිසේන

colombotoday

ශ්‍රී ලංකාවේ ඉල්ලීම නිසා මානව හිමිකම් කොමසාරිස් ට්‍රම්ප් ළග අසරණ වෙයි !

colombotoday

ග්‍රාමීය සූර්ය විදුලි බලාගාර 7000ක් ඉදි කිරීමට සැලසුම්.

colombotoday