Colombo Today Local News

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම හේතුවෙන් පොලිස් ලොක්කන් 9කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න නීති පති උපදෙස්

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වාගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩු කරගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළු ඉහළම පොලිස් නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොල්සිපතිවරයාට නියම කොට ඇත.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වාගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩු කරගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන් නවදෙනාට එරෙහිව අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිතව නියම කොට ඇති නීතිපතිවරයා, එහි පිටපත් ජනාධිපති ලේකම්වරයාට හා පොලිස් කොමිසමේ සභාපතිවරයාටද යොමු කොට ඇත.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වාගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩු කරගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කොට ඇත්තේ කොළඹ, වයඹ හා විශේෂ ආරක්‍ෂක දිසාව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, කොළඹ උතුර පොලිස් අධිකාරීවරයාට, මීගමුව කොට්ඨාස 03 සහ 04 සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ කටාන හා ජම්පටා වීදීය පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිවය.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වාගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩු කරගැනීම සඳහා මෙම පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැරහැරීම සහ ඔවුන්ගේ රාජකාරි කිරීමේදී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශ කෙරෙහි සැලකිල්ල යොමු කරන නීතිපතිවරයා අදාළ පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැරහැරීම සහ ඔවුන්ගේ රාජකාරි කිරීමේදී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයාට නියම කොට ඇත.

අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශ අදාළ කරගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් කොමිසමේ සභාපතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

Related posts

එජාප ජේෂ්ඨයන් තිදෙනෙකුගේ පට්ටම් ගැලවෙයි.. ජනපතිගේ යෝජනාවට අගමැති එරෙහි වෙයි..

colombotoday

ඩෙංගු රටම ගිලගනී.. සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝගීන් ගණනය කිරීමත් අතහැර දමයි !

colombotoday

ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්ව වැඩ කරන්න සුදානම් – එජාප නියෝජ්‍ය නායක රුවන් කියයි

colombotoday

මුදල් ත්‍යාග ලැබෙන්නෙ විදෙස් ගිනිඅවි ගැන තොරතුරු දුන්නොත් පමණයි

Admin

රනිල්ගේ ‘මෙගා පොලිස්’ යල්පැන ගිය එකක්.. ගෝඨාගේ සුපිරි සැළසුමේ මුල් අදියර දැනටමත් ඉවරයි.. යහපාලන ආර්ථික ඔස්තාර්ලා හාන්සියි

colombotoday

විශ්‍රාම වැටුප් ලබා ගන්න යන අයට අවසර පත්‍ර අවශ්‍ය නෑ

colombotoday