Colombo Today Local News

පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවේ

මතුගම ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය අලෙවි කළ විශ්‍රාමික යුද හමුදා සෙබලෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසිනි.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සතුව තිබී ගංජා පැකට් කිහිපයක් ද සොයා ගෙන තිබේ.

මේ අතර, හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අමිල නොහොත් “ගෙම්බා” නම් පුද්ගලයාව ඊයේ (22)දින අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නිට්ටඹුව පොලිසිය විසිනි.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සමග විවිධ අපරාධ ක්‍රියා සිදුකළ තවත් පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේ ය.

මෙහිදී සැකකරුවන් සතුව තිබී කඩුවක්, වායු රයිෆලයන් ඇතුළු ආයුධ කිහිපයක් සොයා ගෙන ඇත.

Related posts

පොලිස් නිලධාරියෙකුට පහර දුන් කතක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

වෙඩි ප්‍රහාරයකින් SF ලොක්කා මරුට

colombotoday

උතුරේ ඡන්දයකින් දෙමළ සන්ධානය පරදී.. වසර 30කට පසු ඊ.පී.ඩී.පී. ය ජයගනී !

colombotoday

වන රක්ෂිත තුළ ඇති සම්ප්‍රදායික වගා බිම් යළි ගොවීන්ට.

colombotoday

රෝගී ජීවිත අනතුරේ – අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 319 ක හිගයක්.

colombotoday

දිස්ත්‍රික් සහ පළාත් අතර සත්ව මස් ප්‍රවාහන තහනම ඉවතට

Admin