Colombo Today Local News

පාසල් පෙල පොත සංශෝධනයට බංග්ලාදේශයෙන් අන්තවාදී කණ්ඩායමක් එයි !

රජය මගින් නිකුත් කරන ඉස්ලාම් අධ්‍යාපන පාසල් පෙළ පොත්වල අන්තවාදී ඉගැන්වීම් ඇතුළත් බවට පාර්ශව කිහිපයක් විසින් පසුගිය දිනවල පෙන්වා දී තිබුණු අතර, ඒ අනුව එම අන්තවාදී ඉගැන්වීම් ඉවත් කර පාසල් පෙළ පොත් සංශෝධනය කිරීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

කෙසේ වෙතත් මෙම කාර්යයට අත ගැසීම සදහා ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් අර අදිමින් සිටින අතර, මේ සදහා අන්තවාදී මත දරණ ජමාතේ ඉස්ලාම් හා ඉෂුහ්වාන් මුස්ලිම් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එමෙන්ම මෙම පිරිස සමග ජමියාතුල් උලමා සභාවේ අනුදැනුම මත මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් සහ ඔහුගේ සහෝදරයාත්, මුස්ලිම් කවුන්සිලයේ ඒ.එම්. අමීන්, එම්. ඉනාමුල්ලා, බේරුවල ජාමියා නලීමියා අගාර් මුහම්මද් ප්‍රබලව ක්‍රියාකාරී වී සිටින බවද එම ආරංචි මාර්ග සදහන් කර සිටී.

මුස්ලිම් දරුවන්, ඉස්ලාම් නොවන්නන් කෙරෙහි වෛරය, ප්‍රචන්ඩත්වය ට නැඹුරු කිරීම සදහා හේතු වන 1980 සිට පාසල් පෙළ පොත් වලට ඇතුළත් කර ඇති කුරාණයේ පවා සදහන් නොවන අත්වාදී ඉගැන්වීම් වහ වහා සංශෝධනය කළ යුතුව තිබෙන පසුබිමක එම කාර්යය අන්තවාදී කල්ලි කණ්ඩායම් අතට පත්වීමට ඉඩ තැබීම අතිශය භයානක කටයුත්තකි. එබැවින් මේ පිළිබදව වහාම සොයා බලන ලෙස අදාල බලධාරීන්ගේ අප ඉල්ලා සිටිමු.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් දැන් කාටත් අමතක වෙලා…

colombotoday

ශ්‍රීපාදයේ අරාබි ඉදිකිරීම කරන්නේ කවුදැයි හෙළිකරාට ceylonleader කතෘ පොලීසියට

colombotoday

යුද්ධය නිමාවෙන් පසු මුල්වරට A9 වැසේ.. මග අහුරා විරෝධතා !

colombotoday

පොලිස් අධිකාරීගේ නිවසටත් හොරු පැනලා

colombotoday

අද රාත්‍රියේ සිට ලබන සඳුදා තෙක් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවෙයි..

colombotoday

වැලිකඩ – කොළඹ බන්ධනාගාර කිහිපයක් හොරණට.

colombotoday