Colombo Today Local News

පාර්ලිමේන්තුවේ විග්නේෂ්වරන්ගේ පලමු කතාවෙන්ම ජාතිවාදී ගිනි අවුලයි. ඥානසාර හිමි නොමැති අඩුව දැනෙයි.

ශ‍්‍රී ලංකාව නිජබිම කරගත් පලමු ස්වදේශීක වැසියන්ගේ භාෂාව දෙමල බවත් එය නොනැසී පවතින ලෝකයේ පැරණිම භාෂාව බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසයි.

ඔහුු මේ බව ඔහු කියා සිටියේ නව වැනි පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදී නව කතානායක ලෙස තේරී පත් වූ මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් එක් කරමිනි.

අද බිහිවී ඇති බල සම්පන්න රජය තරම්ම බලවත් රජයක් 1977දී බිහි වූ බවත් එම රජය 1983දී වධ බන්ධන සිදු කල බවත් ඔහු පෙන්වා දුන්නේය.

වත්මන් රජයටද අලියා ගිය මග දිගේ ගියහොත් අනාගතයේ එක් මන්ත‍්‍රී ධුරයක් දක්වා පසු බසින්නට සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

උතුර හා නැගෙනහිර ජීවත්වන ජනතාවට ස්වභාවිකවම උරුම වී ඇති අයිතීන් සේම ඔවුනට හිමි ස්වයං පාලන අයිතීන් පිලිගැනීම කල යුතු බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

Related posts

අගමැතිගේ කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday

දින හතක් පෙළපාලි තහනම් !

colombotoday

ආණ්ඩුවට අන්ත පරාජයක්.. අගමැතිකම බාරගන්නැයි මහින්දට ආරාධනයක් !!

colombotoday

අනතුර වෙලාවෙ බීල හිටියෙ නෑ.. කෙනෙක් පාර පැන්න.. බේරන්න ගිහින් හැප්පුනා

colombotoday

මැයි දිනයේ අධිවේගයේ ගමන් නොමිළේ

colombotoday

ධම්මික පැණියේ කාලක් 2500ට දෙන්නද මගෙන් ඇසුවා… ඒ පැණිය මිත්‍යාවක්

colombotoday