එළඹෙන මහ මැතිවරණය සදහා බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ඉදිරිපත් වීමට නියමිත බවට වාර්තා වනවා.
එම සංවිධානයට සමීප තහවුරුකරගත් ආරංචි මාර්ග පැවසුවේ දේශපාලනයේ ඉහළම බලවතෙකු තරග වදින දිස්ත්‍රික්කයෙන් ඥාණසාර හිමියන් ඉදිරිපත්වීමට නියමිත බවයි.
මේ පිළිබදව අද සවස 2කට පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ විහාරස්ථානයේ පැවැත්වෙන ඒකාබද්ද මාධ්‍ය හමුවකදී රටට අනාවරණ ය කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.