Colombo Today Local News

ප්‍රබලයකුගේ මාර්ගයෙන් ආණ්ඩුවට එක් වෙන්න ආ බදියුදීන්ව ජනපති අණින් හරවා යවයි

යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

සිය අවශ්‍යතාව පරිදි රජයේ හිතවතුන් ගණනාවක් මුණගැසී ඇති හිටපු අමාත්‍යවරයා ඔවුන් මාර්ගයෙන් රජය සමඟ දේශපාලන ගනුදෙනුවකට උත්සාහ කළ නමුත් මෙතෙක් එම ගනුදෙනුවද සාර්ථක වී නැත. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ ප්‍රබලයෙක් සඳහන් කළේ රිෂාඩ් බදුයුදීන් රජයට එක්කර ගැනීමට මුලසිටම දැඩි විරෝධයක් පළ වී ඇති බවයි.

ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායකයා වන රිෂාඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයා පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් සම්බන්ධ පරීක්ෂණ රැසකට මුහුණ දෙමින් සිටී. එම පසුබිමේ රජයට සහාය පළකොට ඉදිරි මහමැතිවරණය සඳහා නව ප්‍රවේශයක් ලබාගැනීම පිණිස මෙම උත්සාහය දරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. මේ ගැන විමසීමට රිෂාඩ් බදුයුදීන් මහතාගේ ජංගම දුරකතනයට වාර ගණනක් ඇමැතුම් දුන්නද ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

– Anidda –

Related posts

අද ඩොලරයේ මිල

colombotoday

හිටපු ජනපති සහ අගමැති බුර්කාව ගැන දුන් උපදෙස පාස්කු කොමිසමේදී හෙළිවෙයි

colombotoday

පොළොන්නරුවේ ස්ත්‍රී දූෂණ 63 ක් : 10 ක් ම 16 ට අඩු දැරියන් !

colombotoday

සහල් අර්බුදය ඩඩ්ලි අතුළු පහේ කල්ලියේ වැඩක්

Admin

එළැඹෙන මහ කන්නයට නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට පියවර

colombotoday

බදු වැඩිවීමෙන් තෙල් සංස්ථාව අර්බුදයක.. වසරක පාඩුව කෝටි 3000යි !

colombotoday