Colombo Today Local News

පළාත් සභා 06ක ඡන්ද පැවැත්වීමේ බලය 28දාට පසු ජනපති අතට

නිල කාලය අවසන් වී ඇති පළාත් සභා හයක ඡන්දය පැවැත්වීමේ බලය ලබන 28 වැනිදායින් පසු, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැවරේ. මේ වනවිට සබරගමුව, උතුරු මැද, නැඟෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත් සභාවල නිල කාලය අවසන් වී ඇති අතර උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන 28 වැනි ඉරිදා අවසන් වීමට නියමිතය.

පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනතට අනුව, පත්කෙරුණු සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් නියමිත කාලය තුළ විවාද කර, වාර්තාව අනුමත කිරීම මාස කිහිපයක් තිස්සේ ප්‍රමාද වූ අතර, පසුව එම වාර්තාව පාර්ලිමේන්තුව විසින් පරාජයට පත් කරනු ලැබීය.

අනතුරුව, පනතේ විධිවිධානවලට අනුව කථානායකවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල සමාලෝචන කමිටුවක් පත්කරන ලදී.

ඉකුත් අගෝස්තු 28 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි පත්කරන ලද එම සමාලෝචන කමිටු වාර්තාව දෙමසක් තුළ ලබාදිය යුතු වෙයි.

ඒ අනුව සමාලෝචන කමිටුව විසින් වාර්තාව ලබාදිය යුතු කාලයද ලබන 28 වැනි ඉරිදායින් අවසන් වනු ඇත.

පනතේ විධිවිධානවලට අනුව පත් කෙරුණු සමාලෝචන කමිටුව සඳහා ලබාදී ඇති මාස දෙකක කාලය ප්‍රමාණවත් නොවන බව, අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පසුගියදා ප්‍රකාශ කර ඇත.

සමාලෝචන කමිටුව සඳහා මාස දෙකක කාලය දීර්ඝ කිරීම සඳහා පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ ප්‍රතිපාදන සලසා නොමැති බැවින්, පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ලබන 28 දායින් පසු ජනාධිපතිවරයා වෙත පැවරෙන බව නීති අංශ පෙන්වා දෙයි.

මව්බිම

Related posts

අධිකරණ තීන්දුවෙන් පසු…

colombotoday

ඉන්දන මිල වැඩිකිරීමේ වගකීම ගමන්පිලට. | ඉල්ලා අස්වෙන්න යැයි පොහොට්ටුවෙන් නිවේදනයක්.

colombotoday

ක්ලීන් ශ්‍රී ලංකා උත්සවයේදී නිරූපිකාවකට 15000 ගාණේ ගෙවලා

Admin

කොළඹ – කතරගම ධාවනය වන අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස්වලට GPS යන්ත්‍ර..

colombotoday

එජාපයට එරෙහි වූවන්ට විනය පරීක්ෂණ

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ තවත් කතා එළියට… ළගදීම තවත් හෙළිදරව්වක්…

colombotoday