Colombo Today Local News

පණුවන් සහිත ටින් මාලු තවම වෙළදපොලේ බළධාරීන් නිහඩයි.

මෙරටට ආනයනය කල පණුවන් සහිත ටින් මාලු අංඩංගු බහාලුම් (containers) 74 ආනයනකරුවන් වෙත මුදා නොහැරීමට 2018 මැයි මස දී ශ්‍රී ලංකා රේගුව තීරණය කල අතර ඊට හේතු වූයේ එම ටින් මාලු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS ) ප්‍රමිති 591ට අනුකූල නොවන බැවිනි. එම බහාලුම් තුළ ටින් මාලු කිලෝ ග්රෑම් 137000 ක් අඩංගු විය. ඒවායේ වටිනා කම රුපියල් මිලියන 388 කට ආසන්නය. සෞඛ්‍ය අමාත්‍යංශය හා පාරිභෝගික කටයුතු අධිකාරිය මේ පිළිබදව වෙන වෙනම පරීක්ෂණ පැවැත් වූ අතර පසුව ශ්‍රී ලංකා රේගුව මෙම ටින් මාලු පාරිභෝගිකයින්ට අලෙවි නොකිරීමේ කොන්දේසි මත ආනයන කරුවන වෙත මුදාහරින ලදී.

එම ටින් මාලු මේ වන විට රට පුරා අලෙවිවන බැවින් ටින් මාලු පරිභෝජනයේදී සැළකිලිමත් වන ලෙස පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටි. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හා පාරිභෝගික කටයතු අධිකාරියෙන් එම සංවිධානය ප්‍රශ්ණ කර සිටින්නේ එම ටින් මාලු පිළිබදව සාධාරණ පරීක්ෂණයක් කළාද ? යන්නයි.

එම පරීක්ෂන පැවැත් වූ නිළධාරීන්ගේ ක්‍රියා කළාපය හා ඊට සම්බන්ධ ව්‍යාපාරිකයින්ගේ තොරතුරු ළගදීම රටට ‌ෙහළි කිරීමට බලාපොරොත්තුවන බවද මාධ්‍ය නිවෙධනයක් නිකුත් කරමින් එම සංවිධානය වැඩිදුරටත් සදහන් සිටියි.

Related posts

පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම රකින්නට භික්ෂු විරෝධයක්

colombotoday

බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කරන්න අනුමැතිය

Admin

ජනපතිගේ ඔත්තුකරුවන් වැඩ අරඹයි.. පොහොට්ටු පුම්බන්න යන මන්ත්‍රීන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් !

colombotoday

අගෝස්තු මස 01 වැනිදා ගුවන් තොටුපළ විවෘත නොවේ

colombotoday

දනුකගේ පියා පොහොට්ටුවෙන් පංචිකාවත්තට

colombotoday

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

Admin