Colombo Today Local News

නොරෝච්චෝලෙන් යලි විදුලිය

නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා තිබු නොරෝච්චෝල ලක් විජය බලාගාරයෙන් නැවත ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ඊයේ (20)දින රාත්‍රියේ සිට ආරම්භ වූ බව විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

ලක් විජය බලාගාරයේ දෙවන හා තුන්වන අදියරේ ජනන යන්ත්‍ර නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා තිබූ බව කියයි.

එසේ නවතා තිබු දෙවන අදියරේ නඩත්තු කටයුතු අවසන් විමත් සමග ඊයේ (20)දින රාත්‍රියේ සිට නැවත ජාතික පද්ධතියට මෙගාවෝට් 300 ක් යලි ලබා දිමට කටයුතු කල බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.

ඒ සමගම මේ වනවිට නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා ඇති 3වැනි අදියරේ ජනන යන්ත්‍රයේ නඩත්තු එළඹෙන සතියේ අවසන් වීමට නියමිතව ඇති බව කියයි.

මේ අනුව නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 600ක් ලබාදීම ආරම්භව තිබේ.

කෙසේ නමුත් පවතින කොරෝනා තත්වය හමුවේ දැඩි සෞඛ්‍ය නීතිරීති අනුව ලක්විජය බලාගාරයට කාර්ය මණ්ඩලය පමණක් ඇතුල් කිරීමට ආයතන ප්‍රධානීන් කටයුතු කර ඇති බව වාර්තාවෙයි.

Related posts

කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගැන තීරණයක්

Admin

69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් එක්ක ඉටුකරනවා – ඇමති ප්‍රසන්න රණතුංග කියයි

Admin

මෘත ශරිර බහාලන බෑග් ගැන අනවශ්‍ය බියක් එපා

colombotoday

විශ්වාසභංගය පරාජයට පත්වෙයි… අගමැති රනිල්ට ජය

colombotoday

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයා හෙරොයින් කිලෝ 23ක් සමග කොටු

colombotoday

මිල අඩු කළ හැක්කේ කිලෝමීටරයකට රුපියලක් පමණයි – ත්‍රිරෝද සංගම් කියයි

Admin