Articles

නීතියේ ආධිපත්‍යය: කොරෝනා වෙසඟනක් කරණ සුමන්තිරන්ලා

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph,D.

කොරෝනාව හරහා දියවන්නා හෝටලය, යහපාලන වැසිකිළියක් කරගන්නට දඟලන කූඨ සැලැස්මේ නායක හොරා ඒබ්‍රහම් සුමන්තිරන්‌ය. මොවුන්ගේ අළුත්ම ගේම් එක වනාහි ඕනෑම දේකට අත උස්සන්නම්, හෝටලයේ දොර ඇරලා දෙන්න යනුය. මීට හේතුව දැන් යුද හමුදාව මුරට දමා ඇති නිසා කලින් අරලියගහ මන්දිරයේ රනිල් හා තානාපතිලා කල සෙල්ලම මේ පාර කල නොහැකි නිසා යාඥාකර, පරාදෙට අකුලා ගෙන හෝ ඇතුලට රිංගා ගැනීමය. අන්තිම දවසේ ණය ගෙවීමට අතුරු සම්මත ගිවිසුම අනුමත කරන්නට අඩු තරමින් ජේවීපීකාරයින් වත් කැමැත්ත පලකලාද? ගිය වහාම මොවුන් කරන්නේ ඇමෙරිකන් තානාපති ප්ලෑන අනුව විශ්වාසභංගයක් ගෙන ඒමය. යම් හෙයකින් අධිකරණය කරු ජයසූරියට යතුර දුන්නත්, දැන් සිදුවන්නේ අසාත් සාලි-මුජිබර් රහමන්- මරික්කාර්ලා කදුළු ගෑස් කා ඉස්පිරිතාලයට යෑමය.

2005 ජනාධිපති චන්දයේදීද සරත් ෆොන්සේකා හෝටලයක් බදු අරගෙන කරන්නට සිතූ මොකක් හෝ දේ, යුද හමුදාව විසින් හෝටලය වට කිරීම නිසා බකල් වුනා මතකද? සුමන්තිරන්ලාගේ, කරු ජයසූරියලාගේ පොරොන්‌දු, අළුයම ලූ කෙලපිඬක් සේ ඉවත දැමිය යුත්තේ මොවුන් වංක පුද්ගලයින් නිසාය. ඩොනල්ඩ් ට්‍රම්ප් පවා අතට අත දීම වෙනුවට අයූබෝවන් කියන අදවැනි දවසක බටහිර තානාපතිලාට විෂ්ණු දෙවියන් රැක දෙන මේ ලංකාද්‌වීපය, ඊජිප්තුවේදී, ලිබියාවේදී හෝ යූක්‍රේන්හිදීමෙන් ජනයා දෙකට බෙදී මරාගන්නා රටක් බවට පෙරලා කල්ලමරේ කරගත හැකිද?

කණගාටුවට කරුණ නම් මොවුන් නීතියේ ආධිපත්‍යය කරපින්නාගෙන, ඒ වෙනුවෙන් දිවි පුදනවා කියන අය වීමය. සුමන්තිරන් විසින් දින කීපයකට පෙර රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිට ඔහුට ඇප දුන් පසු කල මාධ්‍ය ප්‍රකාශණයට අනුව හරි නම් උසාවියට අපහාස කලා යයි ඔහුව කොරෝනා හදිසි නීති යටතේ රිමාන්ඩ් කල යුතුව තිබුණි. ඒ ඇප දීම සුමන්තිරන් විස්තර කලේ කොරෝනා හදිසි නීතිය, නීති විරෝධී නීතියක් නිසා මහේස්ත්‍රාත් රංජන්ට ඇප දුන් බවය. ඔහු ව්‍යංගයෙන් කිව්වේ, ජනයාට ඒත්තු ගන්වන්නට හැදුවේ ඔහුගේ මොළයෙන් ඔහු ගෝඨාභය ජනාධිපතිව දණ ගැස්වූවා බවය. මුළු රටේම කොරෝනා මර්‍ධන වැඩපිලිවෙල බාල්දු කර, හෑල්ලුවට ලක් කිරීමය. මේ ප්‍රකාශයෙන් මහජනයා තුල ඇතිවිය හැක්කේ මොන අන්දමේ ආකල්පයක්ද? දැන් 50,000 ක් වන නීති කඩන (කුඩු කාරයින්ද සමඟ) පිරිස තවත් වැඩි නොවන්නේද?

රංජන් කොරෝනා බඩු බෙදමින් කලේ යහපාලන දේශපාලනය බව වීඩියෝ බලන විට පෙනේ. එක අවස්ථාවක ඔහු බඩු බෙදීම අවසාන කලේ පාක්‍ෂික ගෙදරක දේශපාලන රැස්වීමක් තබා බැසිල් රාජපක්‍ෂටද මඩ ගසාය. ඔහු හරි ඥානවන්ත යයි රංජන් සිතයි. ඔහුගේ යටි වංක අරමුණ, හදවත ගලවා අතට දෙන ඔහුගේ වචන යටින් එලියට පණින බව රංජන්ට හා ඔහුගේ චැක් ගෝලයින්ට නොතේරේ. පාලිත තේවරප්පෙරුම හා සසඳන විට රංජන්ගේ වංක හැසිරීම හොඳටම පැහැදිලිය. පාලිතලා වගේ 100 ක් සොයාගෙන රට පුරා යැවීමට ජනාධිපති නියෝගයක් දෙන්නේ නම් කෙතරම් අගනේද? පක්‍ෂ දේශපාලන උගතුන්ට වඩා පාලිතලා රටට වටින්නේය.

සුමන්තිරන්ගේ ප්‍රකාශයට විරුද්‌ධව පොලිසිය උසාවියට ගියවිට, මහේස්ත්‍රාත් කියා සිටියේ තමන් රංජන්ට ඇප දුන්නේ පොලිස් හදිසි නීතිය නීති විරෝධි යයි සුමන්තිරන් ගෙනා තර්‌කය උඩ නොවන බවය. යමෙකුට ඇප දීමට හේතුවන නොයෙක් කරුණු ඇතැයි කියන මේ මහේස්ත්‍රාත් ඇප දුන්නේ මොන කරුණක් උඩ දැයි කිව්වාද? ඔහු සුමන්තිරන් කල මාධ්‍ය ප්‍රකාශය දැන ගත්තේ පොලිසිය ඔහු ඉදිරියට මෝසම ගෙනාවාට පසුව නම්, මෝසම සළකන වේලාවේ වත් සුමන්තිරන්ට ඔහු කල බොරු ප්‍රකාශය ගැන අවවාද නොකලේ සුමන්තිරන්ට බයේද? මේවා දෙස බලන විට සිතෙන්නේ සුමන්තිරන්ලාට නීතියේ ආධිපත්‍යය යනු වෙසඟනක් නොවේද යන්නය. මොවුන් දියවන්නා හෝටලයට රිංගීමට දෙන බොරු පොරොන්දු සතපහකට වත් විශ්වාස නොකල යුතු මේ නිසාය. මොවුන් ගරු කරණ කෙහෙල්මල් නීතියක් හෝ ආධිපත්‍යයක් හෝ නැත.

Related posts

රට ජාතිය රැකුණේ ඓතිහාසිකව පන්සලේ දේශපාලනය කල නිසා – පන්සල් වලට බය මැකෝට පිළිතුරක්

colombotoday

අද වනවිට තරුණ පරපුර ආගම ධර්මයෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි

colombotoday

ගල් අඟුරු නිධි පවතින රටවල් ගල් අඟුරු බලාගාර වසා දමන පසුබිමක ලංකාව සාම්පූර් බලාගාරය පණගන්වන්නේ ඇයි?

colombotoday

බුදුපිළිම පොඩිපට්ටම් කර, සිංහලයා පළවාහැර, උතුරේ ගැයෙන සංහිදියාවේ ‘හංස‘ ගීතය.. මෙතැනින් කොතනටද?

colombotoday

ඔලිම්පික් යන වැදි පරපුරේ පුංචි බණ්ඩා, රටවල් 60ක ක්‍රීඩකයන් 600ක් පරදා පෙරටම…

colombotoday

“ෆෙඩරල් ව්‍යවස්ථාව යනු ඊළාම් රාජ්‍යයේ ඔප්පුවයි” ඇල්ලේ ගුණවංශ නාහිමි

colombotoday