Colombo Today Local News

නීති ප්‍ර වේශ විභාගය යළිත් පිල්ලි ගහලා…! අසමත් අය ඉහළින්ම සමත් වෙලා…!

2018 වසර සඳහා නාවල විවෘත විශ්ව විද්‍යාලය මඟින් පැවැත්වූ නීති ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතා පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් ඊයේ (15) පෙරවරුවේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදි විපක්ෂ නායකවරයා හමුවී ඇත.

2018-05-20 දින විභාගය පවත්වා මාස 6කට පසු ප්‍රතිඵල නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵල ලේඛනය විවෘත විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ සති 2කට තිබුණ ද ඉන් පසු එය ඉවත් කර නැවත ප්‍රතිඵල සටහනක් වෙබ් අඩවියට එකතු කර ඇත.

එමඟින් මුල් ප්‍රතිඵල සටහනේ අසමත් සිසුන් කිහිප දෙනෙකු දෙවනුවට පල කළ ලේඛනයේ ඉතා විශාල ලකුණු පරතරයකින් සමත්ව ඇති බව ද ඔවුන් විපක්ෂ නායකවරයාට දැනුම් දී ඇත.

මේ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුම්වත කරන බව එහි දී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සිසුන්ට පවසා තිබේ.

වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍ය රවූෆ් හකීම් මහතා පසුගිය රජයේ ද උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී 2011-2012 වසරවල නීති විද්‍යාල ප්‍රවේශය සදහා වංචනික ලෙස මුස්ලිම් සිසුන් සමත් කරවීම පිළිබදව චෝදනා එල්ලවිය.

Related posts

සිංහ කොඩිය එවරස්ට් කඳු මුදුනේ.. ලාංකික කත වාර්තා පොතට එක්වෙයි

colombotoday

ඇමතිකමකට රට ජාතිය පාවා දුන්න පා.ච.ගේ තුන් හිතකවත් ලැජ්ජාවක් නෑ.. මධුමාධව අමු සිංහලෙන්ම කියයි

colombotoday

රඹුක්කන ජනතා විරෝධයට පොලීසියෙන් වෙඩි – අයෙක් මරුට

colombotoday

MCC ගිවිසුම සම්බන්ධව මාගේ නායකත්වය යටතේ සාකච්ඡා වුයේ නෑ- කබ්රාල්

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන දෙන්න වෙනම දිනයක්

colombotoday

ලෝක ආදීවාසී දිනය අදයි

colombotoday