Colombo Today Local News

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ නීති කඩවීම් 2566ක්

මහ මැතිවරණයේ නිහඬ කාලය ආරම්භ වූ ඉකුත් 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ රාත්‍රි 08 දක්වා කාලය තුළ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2566 ක් පිළිබඳ මැතිවරණ කොමිසම දැනුවත් කළ බව පැෆරල් සංවිධානය පවසයි.

ඉන් සිදුවීම් 1000 ක් පමණ වැළැක්වීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

නිහඬ කාලය තුලදී සමාජ මාධ්‍ය ජාල භාවිත කර සිදුකෙරෙන මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා පාලනය කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත්තද, එලෙස සිදුකෙරෙන ප්‍රචාරණ කටයුතු ඉහළ යමින් පවතින බැවින් පාලනය කිරීම අපහසු තත්ත්වයකට පත්ව ඇති බවයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පැවසුවේ.

මේ අතර මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 6932 ක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අතරින් පැමිණිලි 5759 ක් වාර්තා වි ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙතයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ද පැමිණිලි 1173 ක් ලැබී තිබේ.

Related posts

ඇමතිධුර හයක් හිස්වෙයි… ඇමති පිරිසක් රට යයි.. කැබිනට් සංශෝධනය කල් යන ලකුණු

colombotoday

පේක්ෂා රෝහලේ රේඩියෝ තෙරපි යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන්

colombotoday

1500ක සහනාධාර පොහොර මිටියක් 3400කට විකුණු ව්‍යාපාරිකයාට වැඩ වරදී | ලක්ෂ 18ක පොහොර අත්අඩංගුවට

colombotoday

හිගුරක්ගොඩ පොලිස් නිලධාරින් 13 දෙනෙකු නිරෝධායනයට

colombotoday

දිළිඳුකම මගෙ ඇඟේම තියෙනවා !

colombotoday

සුජීවගේ නිවස හදිසි සෝදිසි කිරීමක

Admin