Colombo Today Local News

නිවැරදි බෞද්ධ ප්‍රතිපත්තියකින් ඉදිරියට යනවා – රනිල් වික්‍රමසිංහ කියයි

මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන නව නායකයන් සමග නව එක්සත් ජාතික පක්ෂයක් බිහිකරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිරිකොත පක්ෂ මූලස්ථානයේදි ඊයේ (22) පැවැසීය.

බෞද්ධයෙක් හැටියට අපිට තියෙන්නේ යම්කිසි වැරුද්දක් වුනහම ඒ පිලිබඳ ඇඟිල්ල දිගු කරන එක නෙමෙයි. බෞද්ධයන් හැටියට ඒ වරද වටහා ගන්න ඕන. ඒ වරද වටහා ගත්තට පස්සේ ඒ වරද නිවැරදි කරගන්න අපිට පියවර ගන්න තිබෙනවා. එහෙම නිවැරදි බෞද්ධ ප්‍රතිපත්තියක් අපි වටහා ගත්තම තමයි අපිට ඉදිරියට යන්න තිබෙන්නේ.

ඒ නිසා අපි මේ වැඩසටහන ගැන හිතලා මේ වැඩසටහනට මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන නව එක්සත් ජාතික පක්සයක් විදියට ඉදිරියට යමු. මෙතෙන්ට පැමිණි මේ සේවය කරපු ඔබ සියලු දෙනාටම මම යලිත් මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා”යැයිද ඔහු එහිදී සඳහන් කළේය.

Related posts

පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය !

colombotoday

“දඩ බිමක්ව තිබෙන රට නැවතත් වැඩබිමක් කරමු” – මහින්ද රාජපක්ෂ

colombotoday

ගොවි පවුල් 48,000කට 30000ක ආධාරයක්

Admin

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතීන්ට යළිත් එම ඇමැති ධුර දෙන්න – අගමැති ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

මහ මැතිවරණය ඇරඹේ

colombotoday

වෙඩි තබා ඝාතනය කළ බවට සැක මළ සිරුරක් ලඳු කැළෑවකින් හමුවෙයි

colombotoday