
මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් පමණක් බව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
ප්‍රාදේශීයව පැවැත්වෙන උත්සව වලදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කළ හැකි බවත් එතුමා වැඩි දුරටත් සදහන් කළා.