Colombo Today Local News

දුම්රිය දෙපාර්තමේන්තුවට ගිය වසරේ දී කෝටි 760 ක පාඩුවක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ගිය වසරේදී රුපියල් කෝටි 760 ක පාඩුවක් ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

දුම්රිය සේවය ඊට කලින් වසරේ (2016) සිදු වූ පාඩුවට සාපේක්ෂව ගිය වසරේ සිදු ව ඇති පාඩුව රුපියල් කෝටි 80 කින් ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව දුම්රිය සේවය 2016 වසරේ ලබා ඇති පාඩුව රුපියල් කෝටි 680කි. මේ අතර දුම්රිය සේවයේ ආදායම ද  ගිය වසරේ දී රුපියල් කෝටි 650 කින් අඩු වී ඇත‍.

දුම්රිය සේවයේ මෙහෙයුම් කටයුතු වලට බාධා ඇතිවන ආකාරයට දුම්රිය සේවකයින් ක්‍රියාත්මක කළ අනපේෂිත දුම්රිය වැඩ වර්ජනය නිසා ආදායම මෙසේ අඩුවීමට බලපෑ බව ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවේ සඳහන් වේ.

දුම්රිය සේවයේ මෙහෙයුම් වියදම ද ගිය වසරේ දී සියයට 5.1 කින් ඉහළ ගොස් තිබිණි.

Related posts

ඥානසාර හිමිගේ පැමිණිල්ලට බන්දුලගෙන් කමිටුවක්

colombotoday

දුම්රිය ධාවන වාර රැසක් අවලංගුයි

Admin

සමලිංගික සේවනය නීතිගත කරන්න මංගලගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

අලුත් අවුරුදු කොවිඩ් රැල්ලේ පස්වැනි ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රී පොහොට්ටුවෙන්

colombotoday

දේශපාලන වියවුල මැද ඩොලරය පිම්මේ නගී… ඉතිහාසයේ වැඩිම අගය අද වාර්තා කරයි…

colombotoday

යුගදනවි යළි යථා තත්ත්වයට

colombotoday