Colombo Today Local News

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (07)දින සවස් වරුවේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ද‍ෙපාර්මේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ මෝණරාගල දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි ඇතිවිය හැකිය.

ඇතැම් ස්ථානවල මිලිමිටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

ඊට අමතරව නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද දන්වා ඇත.

Related posts

කැබිනට් අනුමැතිය හිමිවෙයි… ගෑස් මිල රු. 190කින් ඉහළට…

colombotoday

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නව පනතක්

colombotoday

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

“වෙනත් බලවේග හැදුවොත් තරාතිරම නොබලා ශ්‍රීලනිපයෙන් නෙරපනවා” – සන්ධාන මහලේකම්

colombotoday

ඉන්ධන තොග රැස් කර වැඩි මිලට විකිණු 68කට වැඩ වරදී

colombotoday

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin