Colombo Today Local News

දික්වැල්ලේ පොලිස් වැටලීමකදී සොයා ගත් ගිනි අවි

දික්වැල්ල, බෝදරක්ද ප්‍රදේශයේ දී අවි ආයුධ තොඟයක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දික්වැල්ල පොලිස් ස්ථානයේ නිලදාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

එහිදී සැකකරුවන් සතුව තිබී බෝර 12 ගිනි අවියක්, ටී කටස් වර්ගයේ පිස්තෝල අවියක්, ගල්කටස් වර්ගයේ පිස්තෝල අවියක්, බෝර 12 උණ්ඩ 27ක්, නීති විරෝධි පිහියක් සහ කඩුවක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් බෝදරකන්ද, ඌරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (10)දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ අතර අවිස්සාවේල්ල, පිටදෙනිය සහ දෙහිඕවිට යන ප්‍රදේශවලදී සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී ගිනි අවි දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරුවන් සතුව තිබූ විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 සහ බෝර 16 ගිනි අවි දෙකක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව සඳහන් වේ.

සැකකරුවන් 34 හැවිරිදි සහ 67 හැවිරිදි පිටදෙනිය සහ දෙහිඕවිට යන ප්‍රාදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බව පොලීසිය සඳහන් කළේය.

Related posts

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය දෙන්න බෑ කියයි

colombotoday

තහනම නොතකා ෂැෂේ පැකට් නිෂ්පාදනය කළ සමාගමක් වටලයි

colombotoday

මංතිරු නීති කඩන රියදුරන්ට වෙන දේ

colombotoday

මිනුවන්ගොඩ පොකුරේ තවත් ආසාදිතයින් 49ක් හඳුනාගැනේ

colombotoday

සෞදියේදී අද 50ක් ගල් ගසා මරණවලු… “ලාංකික කාන්තාව ඒ අතර නෑ” සෞදි තානාපති

colombotoday

පොහොට්ටුවට එක්වෙනවාද? නැද්ද? තීන්දුව ජනපති අතේ

colombotoday