Colombo Today Local News

දයාසිරි මහින්දගෙන් සමාව ගත්තා. ජනාධිපතිවරණයට මෛත්‍රී හෝ ගෝටා – ඩිලාන්

මුලින්ම පළාත් සභා මැතිවරණයත් ඊළඟට ජනාධිපතිවරණයත් පවත්වා ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරවන මහමැතිවරණය පවත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ජනාධිපතිවරණය සඳහා තමන් සිතන ආකාරයට මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ගෝටාබය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව ප්‍රකාශ කළ ඒ මහතා ඒ පිළිබඳ අවසන් තීරණය මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවත් ඉදිරිපත් කරන්නේ එක් අපේක්ෂකයකු පමණක් බවත් අවධාරණය කළේය.

එසේම දයාසිරි ජයසේකර මහතා පසුගිය දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම් රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතාට කණගාටුව පළ කළ බව ද ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

රටේ නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වුවත් ජනතාවගේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවයි ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (07) පස්වරුවේ පැවති එජනිස මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

අන්තවාදි කරුණු 25ක් පිළිබඳව ඥානසාර හිමි විසින් දැනුවත් කළ ද පසුගිය ආණ්ඩුව කිසිදු සොයාබැලීමක් කර නෑ

colombotoday

රටටම කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා…

colombotoday

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

Admin

එරාවූර් සිට අකුරණට ආ හොර හරක් ලොරියක් පෙරලෙයි.. ගවයන් තොගයක් එතැනම මිය යයි (Photo)

colombotoday

මෙච්චර හොද දේවල් කරන අපට ඇයි පොල් ගහන්නෙ – ඇමති ජෝන් අසයි

colombotoday